Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

උතුරු තායිලන්තයේ ලෙන් සංකීර්ණයක කොටුවී සිටි යොවුන් පාපන්දු කණ්ඩායමේ සියලු දෙනා මුදාගත් බව තායිලන්ත නාවික හමුදාව නිවේදනය කළේය. දින ගණනාවක් පුරා සිදු කළ අසීරු ගලවා ගැනීමේ මෙහෙයුමේ අවසනයේ අද දින අවසන් පිරිමි ළමුන් සිවු දෙනා සහ පුහුණුකරු ද ගලවා ගැනිණි. ඉරිදා සහ සඳුදා බේරාගත් පිරිමි දරුවන් අට දෙනා රෝහල්ගත කොට තිබෙන අතර ඔවුන් සියලු දෙනාම අනෙක් රෝගීන්ගෙන් වෙනකොට ප්‍රතිකාර කර තිබේ.

ගලවා ගැනීමේ හෙහෙයුමට අත්දැකීම් සහිත විශේෂඥ කිමිදුම්කරුවන් සහභාගී වූහ. වයස අවුරුදු 11 - 16 ත් අතර පිරිමි ළමුන් සහ ඔවුන්ගේ 25 හැවිරිදි පාපන්දු පුහුණුකරු ජුනි 23 දින වියළි කාලගුණයක් පැවති අවස්ථාවක ලෙනට ඇතුළු වී තිබේ. හදිසියේ ඇද හැලුණු අධික වර්ෂාපතනය නිසා ලෙන තුලට ජල ගැලීම් ඇති වී පිටවීමේ ස්ථානය අවහිර වීම නිසා කණ්ඩායම ලෙන තුළ සිරවිය.

තායිලන්ත ආරක්ෂක අංශ කොටු වූ පිරිස බේරාගැනීමේ මෙහෙයුම එදිනම ආරම්භ කෙරුණි. දින නමයකට පසු (ජුලි 02) කණ්ඩායම ලෙන් මුඛයෙන් කිලෝමීටර හතරක් පමණ දුරින් පිහිටි ගල් පර්වතයක රැඳී සිටියදී සොයා ගන්නා ලදී. 

බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා එක්ව සිටි එරට නාවික හමුදා 'සීල්' බලකායේ හිටපු කිමිදුම්කරුවෙකු වන තිස්අට හැවිරිදි සමන් ගුනන්ගේ  මරුමුවට පත්ව තිබේ. ලෙන තුළට ඔක්සිජන් සැපයීම සිදු කරන අතර තුර ඔක්සිජන් ප්‍රමාණවත් නොවීම නිසා ඔහු අවසනාවන්ත ලෙස මරුමුවට පත් වූහ. දිවීමට සහ පාපැදි සවාරි යාමට දැඩි රුචිකත්වයක් දැක්වූවෙකු නිසා ස්වේඡාවෙන්ම මෙම කාර්යයට ඔහු දායක වී තිබේ.
මෙහෙයුමට නාවික හමුදා කිමිදුම්කරුවන්, හමුදා සාමාජිකයන් සහ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සාමාන්‍ය වැසියන් ඇතුළු දහසකට ආසන්න පිරිසක් එක්ව සිටිති. වෛද්‍යවරුන් හා හෙදයන්ද කණ්ඩායමට එකතු වූහ.
දින කීපයක් ඇතුළත ලෙන පිහිටි ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු වූ  ආරක්ෂක අංශ"  ජල මට්ටම ඉහළ ගොස් දරුවන් රැඳී සිටින ස්ථානය ජලයෙන් යටවීමේ අවදානමක් වැඩි වූ නිසා දරුවන් බේරා ගැනීම වර්ෂාව මධ්‍ය යේම කඩිනම් කළේය. වර්ෂාව නතර වුවහොත් ජල මට්ටම අඩු වී දරුවන් පිරිසට ඇවිද හෝ ජලයේ පාවී ලෙනෙන් පිටතට පැමිණීමට හැකියාව තිබුණි. 
මෝසම් වැසි ආරම්භ වූ පසු, මුදවාගැනීමේ කටයුතු අසීරුවන නිසාත් ලෙන තුළ පවතින තත්වය බැරැරුම් වූ නිසාත් ආරක්ෂාකාරීව ළමුන් පිටතට ගෙන ඒම  තායිලන්ත ආරක්ෂක අංශ වෙත අතිශය භයානක කාර්යයක්  විය. 
පොම්ප ආධාරයෙන් ජල මට්ටම අඩු කිරීමට බේරා ගැනීමේ කණ්ඩායම උත්සාහ ද ගත් අතර ජලය ලීටර මිලියන 128ක් පමණ පොම්ප ආධාරයෙන් ඉවතට යවා ඇත. එනමුත් ජල මට්ටම අඩුව ඇත්තේ පැයකට සෙන්ටිමීටර 1.5ක් පමණි. සෙන්ටිමීටර 40කින් ජල මට්ටම අඩු වීම නිසා සහන සේවකයන්ට ලෙන් මුඛයේ සිට කිලෝමීටර 1.5ක් එක දිගට ඇවිද යාමට හැකි වීම යම් පහසුවක් විය.
ලෙන තුළ ජල මට්ටම අඩු වනතෙක් සිටියා නම් ඔවුන්ට මාස ගණනක් ලෙන තුළ රැඳී සිටීමට සිදුවීමට ඉඩ තිබුණි. අඛණ්ඩව ආහාර හා අනෙකුත් දව්‍ය යැවීමටද සිදුවේ.  
ලෙන් පිටත උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ට වඩා අධික වූ අතර, අගල් ගණනක ඝනකමින් යුතු මඩ තට්ටුවක් නිසා බොහෝ ස්ථාන ලිස්සා සුළු මතුපිටකින් ද යුක්ත විය.

මෙහෙයුමට සහය දක්වීමට සිය ගණනක පිරිසක් ලෙන පිටත සිට සිය සහය ලබා දෙති. ලෙනට පිවිසෙන මාර්ගයේ මඩ මතට බොරළු දැමීමට මාර්ග ඉංජිනේරුවන් කටයුතු කළ අතර සහන සේවකයින්ට උණුසුම් ආහාර සැපයීමට තායි රාජකීය මුළුතැන්ගේ සේවකයන් කටයුතු කළේය.  ස්වේච්ඡා සේවකයන් වතුර බෝතල් සහ අයිස්පලම් දින කිහිපය පුරාම බෙදා දෙනු ලැබීය. සහය දක්වන එක් ස්වේච්ඡා සේවකයකු බිබිසී ලෝක සේවය හා අදහස් දක්වමින් පවසා ඇත්තේ  දරුවන් පෞද්ගලිකව නොදන්නා නමුත්, "ඔවුන් මාගේ සොහොයුරන් ලෙස සලකා උදව් කරනවා" යනුවෙනි.

පෙර පුවත

තොරතුරු - බිබිසි ලෝක සේවය

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.