Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන නිල් මානෙල් මල පටක රෝපණ ක‍්‍රමය හරහා ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයෙන් පර්යේෂණ සිදුකෙරේ.
වෙළෙඳපොළ සහ වගුරු බිම් ආශ‍්‍රිතව නිතර දක්නට ලැබෙන්නේ දම් පැහැයට හුරු මානෙල් මලකි. එය නිවැරැුදි නිල්මානෙල් මල නොවන අතර නිවැරැුදි නිල් මානෙල් මල ලා නිල් පැහැයක් ගනී.
වයඹ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ උද්‍යානභෝග හා භූමි අලංකරණ දෙපාර්තමේන්තුවේ ආචාර්ය ප‍්‍රසන්ති පෙරේරා මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් මෙම පර්යේෂණය සිදුකෙරේ. මේ සඳහා මූල්‍ය දායකත්වය ජාතික පර්යේෂණ සභාව සපයයි.

Correct ni manel flower Habitat is about to dry
‘‘ නිල් මානෙල් මල ලෙස අප බොහෝවිට හඳුනාගන්නේ දම්පැහැති මානෙල් මලක්. එය නිවැරැදි නිල් මානෙල් මල නොවේ. එය ලංකාවට අලූතෙන් හඳුන්වා දුන් එකක්. එය මේවන විට නියම නිල් මානෙල් ශාකයට තර්ජනයක් වෙලා තියෙනවා. ඉතා ශීඝ‍්‍රයෙන් දම් පැහැති මල සහිත ශාකය ව්‍යාප්ත වන නිසා නිල් මානෙල් මල අන්තරායට පත්විය හැකි ශාකයක් ලෙස 2012 රතු ලැයිස්තුවෙන්ද ප‍්‍රකාශයට පත්කර තියෙනවා. 

නිල් මානෙල් මල විවිධ ශරිර ව්‍යාකූලතාවවලට ප‍්‍රතිකාර කිරීම සඳහා දේශිය වෛද්‍ය විද්‍යාවේ බෙහෙත් පැළෑටියක් ලෙසද භාවිතා කෙරෙනවා. විවිධ ගුණාංග අතර ප‍්‍රති බෑක්ටිරියා, පිළිකා මර්ධන, ප‍්‍රති දියවැඩියා ගුණය ආදිය සහ මනා සෞඛ්‍යයක් පවත්වාගෙන යාම සඳහා භාවිත කළ හැකි වෙනවා.  මීට අමතරව මෙහි අලය හා දඬු අහාරයක් ලෙසද භාවිතා කරනවා.
මෙම ජාතික පුෂ්පය මතු පරපුර වෙනුවෙන් ආරක්‍ෂා කර ගැනීම අප කාගෙත් වගකීමක් වෙනවා. ඒ වෙනුවෙන් අපි මෙම පර්යේෂණය ආරම්භ කළා. සාමාන්‍යයෙන් නිල් මානෙල් ශාකයේ වර්ධන වේගය ඉතා අඩුයි. එම නිසා විශ්වාසදායකම ක‍්‍රමය වන පටක රෝපණ ක‍්‍රමය මගින් නිල් මානෙල් ශාකය ඉතා විශාල වශයෙන් බෝකර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා අපේ පර්යේෂණය තුළින් නිල් මානෙල් ශකය මහා පරිමාණයෙන් නිපදවා ජලජ පරිසර පද්ධතිවලට මුදා හැර නිල් මානෙල් ශාකය වැඩිදුර සංරක්ෂණය කිරීමට ගහනයක් නිර්මාණය කරනවා. විශාල වශයෙන් පැළ නිපදවා විවිධ පරිසර මට්ටම් යටතේ විශ්ලේෂණය කර පරිසරයට මුදා හැරීමට බලාපොරොත්තු වෙනවා.

Chathura-collecting the plants Dr Prasanthi
මේ සඳහා කාර්්‍යක්ෂම ක‍්‍රමයක් හඳුන්වාදීම අරමුණු කරගෙන පර්යේෂණ කටයුතු කරගෙනයාම සඳහා පර්යේෂණ ශිෂ්‍ය චතුර නයන්තර ප‍්‍රනාන්දු මහතාගේ දායකත්වයද ලබාදෙනවා. මීට පෙර නිවැරැුදි නිල් මානෙල් මල සහිත ශාකය හඳුනාගැනීම සඳුහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය දීප්ති යකන්දාවල සහ වයඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය කපිල යකන්දාවල යන මහත්ම මහත්මීන් පර්යේෂණ සිදුකර ඇති අතර ඔවුන්ගේ දායකත්වය මෙම පර්යේෂණ කටයුතු සඳහාද ලබාදෙනවා. අපේ ජාතික පුෂ්පය තවදුරටත් ආරක්‍ෂා කරගැනීමට මෙම පර්යේෂණය ඉවහල් වෙනවා.’’ යැයි ආචාර්ය ප‍්‍රසන්ති පෙරේරා මහත්මිය පැවැසුවාය.

(ගයාන් සූරියආරච්චි)

වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත බලන්න
 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.