සුවිශේෂී පරිසර අත්දැකිම් ලැබූ, 14 වන පරිසර නියමු ජාතික කඳවුර ත්‍රිකුණාමලයේදී නිමාවිය..
- 2018-10-02 02:39:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙරට පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරන පරිසර නියමු වැඩසටහනේ වාර්ෂික මහා මංගල්‍ය සැප්තැම්බර් මස 19, 20, 21 හා 22 යන දිනවලදී ත්‍රිකුණාමලය, නාවික සාගරික විද්‍යාපීඨ පරිශ්‍රයේදී පවත්වන ලදී. සිංහල, දෙමළ හා මුස්ලිම් පාසල් 60ක පරිසර නියමුවන් 375ක් ඇතුළත්ව 530 ක පමණ පිරිසක් මෙවර කඳවුර සඳහා සහභාගී වූහ.
කඳවුරේ සමාරම්භක උළෙල සැප්තැම්බර් මස 20 දින පෙරවරු 9.00 ට පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහත්වරු සහ නාවික හමුදාවේ නාවික කොමදෝරු එස්.කේ.එස්. පත්බේරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. පරිසර නියමුවන් වෙත ස්වර්ණ වර්ණ පදක්කම් පැළඳවීම ආරාධිත අමුත්තන් විසින් සිදුකරන ලදී.
කදවුරේ සමාරම්භක උළෙලේ දර්ශනීය නර්තන ඉදිරිපත් කිරීම් ත්‍රිකුණාමලය මොල්ලිපතාන මහා විද්‍යාලයේ සහ ත්‍රිකුණාමලය ශ්‍රී ෂන්මුග දෙමළ බාලිකා විද්‍යාලයේ සිසුන් විසින් සිදුකරන ලදී.
මෙවර ක්ෂේත්‍ර චාරිකා පරිසර නියමුවන්ට වඩා ඵලදායි දැනුමක් ලබාගැනීමට හේතුවිය. කඳවුරේ දී පරිසර නියමුවන්ට විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව දැනුම වර්ධනය කිරිම සඳහා කාලීනව වැදගත් මාතෘකා ඔස්සේ දේශන සංවිධානය කිරීමට ද කටයුතු කර තිබුණි. සෑම දිනකම පරිසර නියමු දරුවන් විසින් පරිසරය තේමා කරගත් සංස්කෘතිකාංග නිර්මාණය කර රගදැක්වීම සිදුකළහ.
Reply To:
Name - Reply Comment
0 Comments