Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

වැල්ලවත්ත ශාන්ත ක්ලෙයාර් බාලිකා විද්‍යාලයේ 2017 මාධ්‍ය දින උළෙල අද (24) දා දෙහිවල ගල්කිස්ස මහනගර සභා ශ්‍රවනාගාරයේ දී අභිමානවත්ව පැවැත්විණ.  ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ ජ්‍යෙෂ්ඨ කථාකාර්ය සේනානි හරිචන්ද්‍ර මහතා ප්‍රමුඛ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කරුණාරත්න අමරසිංහ, ළමා අධ්‍යාපන උපදේශක ඉන්දික සෙනෙවිරත්න සහ  හිටපු කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ෂාරුක්ඛාන් මහත්වරු ප්‍රධාන ආරධිත අමුත්තන් ලෙස සහභාගී වුහ.

අභිමාන 2017 ලෙස නම් කර තිබෙන මාධ්‍ය දින උළෙල මෙවර පැවත් වූයේ දෙවැනි වරටය. විද්‍යාලීය මාධ්‍ය ඒකකය විසින් සංවිධනය කළ තිබු උළෙල මාධ්‍ය අධ්‍යාපනය පිළිබඳ සාහිත්‍යමය වටිනාකම් පිළිබිඹු වන පරිදි පෙළ ගස්වා තිබුණි. විදිහල්පතිනී ඒ.කේ. හෙට්ටිආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයන විෂය භාර හා මාධ්‍ය ඒකකය භාර ආචාරිනී ජි.ඩබ්ලිව්.එස්.ශෂිපභා  මහත්මිය වගේ මෙහෙයවීමෙන් මාධ්‍ය ඒකකයේ සිසුවියන් විසින් උළෙල මනාව සංවිාධානය කර තිබුණි.

ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ජ්‍යෙෂ්ඨ කථාකාචාර්ය සේනානි හරිචන්ද්‍ර මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කලේ මාධ්‍ය අධ්‍යාපනය දරුවන්ට ලබා දීමේ දි මෙවැනි දේ ප්‍රායෝගික වන බවත් උත්සවය සංවිධානය හා පෙළ ගස්වා තිබෙන ආකාරය අගනුවර ප්‍රධාන විද්‍යල අභිබවා, විශ්ෂ්ට සංවිධාන කුසලතා පෝෂණය කිරීම පිළිබඳ අගයන අතරම විශ්ව විද්‍යාලය තුළ පවා සංවිධානය කරන ඇතැම් උත්සව මෙතරම් සංවිධාන ශක්තිය පෙන්නුම් නොකරන බවයි. ජ්‍යෙෂ්ඨ මාධ්‍ය වේදී කරුණාරත්න අමරසිංහ මහතා අදහස් දක්වමින් රටකට අවැසි යහපත් ඵලදායි මාධ්‍ය වෘත්තිකයින් මේ තුලින් නිර්මාණය වන බවත්. තමන් විච්චූර මාධ්‍ය දින උළෙලවල් සංවිධානය කරනු ලබන ප්‍රධාන විද්‍යාවල පිරිස් මේ කටයුත්ත ආදර්ශයට ගත යුතුබවය. මෙහි තිබුණු සංයමය හා ශාස්ත්‍රීය වටිනාකම අගනා බවත් සියලු මාධ්‍යදින උළෙලවල් සංවිධායයකින් මේ ආදර්ශයට ගත යුතු බවය. උත්වය අමතමින් ළමා අධ්‍යාපන උපදේශක ඉන්දික සෙනෙවිරත්න මහතා අදහස් දක්වමින් ‘ මෙම උළෙල ඉතා අගනා අයුරින් සංවිධානය කිරිම ඉතා අගනා බවත්, පාසල යනු සංස්කෘතිය දරුවන්ට පවරා දෙන ප්‍රධාන ක්‍රියාවලියේ හොඳම අවස්ථාවක් මේ කාර්යය තුළ දරුවන්ට පෝෂණය කරවීමට දරු මහඟු වවැඩසටනක් බවත්, පන්ති කාමරය, පෙළ පොත් පමණක් නොව, දරුවන්ගේ ජීවිතයේ දිසාව මෙවැනි කාර්යයන් තුළ පෝෂණය වන බව ඔප්පුවන පවත් මේ ආකරයට සංයමයෙන්, අවස්ථානුකූලව උචිතම අයුරින් සංවිධානය කිරිම අපහසු කාර්යයක් වුවත් විද්‍යාලය මෙය සාර්ථකව ඉට කර ඇති බවත් ජීවිතයේ දුටු අගනාම අර්ථවත්ම පාසල් දින උළෙල මෙය බවත් පැවසීය.
මේ අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තන් රැසක් ද සහභාගී වූ අතර විදුහල්පතිනී ඒ.කේ. හෙට්ටිආරච්චි, මාධ්‍ය ඒකකය භාර ආචාරිනී ජි.ඩබ්ලිව්.එස්.ශෂිපභා  මහත්මාවරුන් ද මාධ්‍ය ඒකකයේ සභාපතිනී නදිනි ආලෝකා සිසුවියද අදහස් දැක්විය.

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.