විස දුමෙන් නවදිල්ලි නුවර වැසේ
- 2017-11-14 22:28:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නවදිල්ලියේදීය (රොයිටර්)
නිර්දේශ කර තිබෙන වායුවලට දස ගුණයකින් වැඩි විස සහිත මීදුම සහ දුම මිශ්‍ර ඝණ පටලයකින් අසල්වැසි ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලි නුවර වැසී ගොස් ඇතැයි වාර්තා වේ.
මෙම තත්ත්වය ඇති වී මේ වනවිට සති දෙකක් ගෙවී ගොස් තිබෙන අතර මහජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් තත්ත්වයක පවත්වාගැනීමේ අභියෝගයකට එරට සෞඛ්‍ය බලධාරීහූ මුහුණ පා සිටිති.
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් පැතිර තිබෙන වායුව විස මට්ටම මැන බලා තිබෙන අතර එය සඳුඳා (13) දහවල් වන විට අදාළ මිනුම් ක්‍රමයේ දර්ශක අගය 498ක් වාර්තා කර තිබේ. මිනිසුන්ට ආශ්වාස ප්‍රාශ්වාස කිරීම සුදුසු වාතයේ අදාළ අගය 50ක් බව ද පැවසේ. ඉදිරි දින තුනක කාලයේදී වර්ෂාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් එයින් මෙම තත්ත්වය පහව යනු ඇතැයි ද ඉන්දීය කාලගුණා විද්‍යා කාර්යාලය සඳහන් කළේය.
දැනට තිබෙන විස වායු තත්ත්වය හේතුවෙන් පෙනහළුවල රෝග සහ වෙනත් රෝගාබාධා ඇතිවීමේ අවදානමක් ඇතැයි ද සෞඛ්‍ය බලධාරීහූ පෙන්වා දෙති. මෙම තත්ත්වය හේතුවෙන් කුඩා දරුවන් රෝගී තත්ත්වයට පත්වූ බව ට තොරතුරු වාර්තා වූ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.
Reply To:
Name - Reply Comment
0 Comments