Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් අතර වන ඓතිහාසික හමුව සිංගප්පුරුවේ “සෙන්තොසා” දූපතේදී මෙම ඓතිහාසික හමුව සිදුවීය.  කැනඩාවේ පැවැති ජී-07 නායක සමුළුවෙන් පසු ඇමෙරිකානු නායකයා සිංගප්පූරුව බලා පැමිණි අතර ඒ අතරතුර ඔහු ට්‌විට්‌ර් සටහනක්‌ තබමින් පැවසුවේ මෙම හමුව උතුරු කොරියාවට පමණක්‌ නොව සමස්‌ත ලොවටම යහපත් ප්‍රතිඵල ගෙන දෙනු ඇති බවයි.

ලෝක ප්‍රජාව තුළ හිතුවක්‌කාරයන් ලෙස ප්‍රචලිත මේ නායකයන් දෙපළමගේම හමුව ලෝක දේශපාලන අනාගතය සම්බන්ධයෙන් යහපත් බලාපොරොත්තුවක්‌ බව දේශපාලන විචාරකයිනගේ අදහසයි. 

ඒ අනුව මිට සුළු මොහොතකට පෙර “සෙන්තොසා” දූපතේදී මෙම ඓතිහාසික හමුව සිදුවීය. දැඩි ආරක්‍ෂක රැකවල් මධ්‍යයේ නායකයන් දෙදෙනා සිංගප්පූරුවේ රැඳී සිටින අතර ඔවුන්ගේ ආරක්‍ෂාවට පමණක්‌ සිංගප්පූරුව ඩොලර් බිලියන දෙකහමාරකට ආසන්න මුදලක්‌ වැය කර ඇති බව විදෙස්‌ වාර්තා පෙන්වා දෙයි. ට්‍රම්ප් – කිම් හමුව ආවරණය කිරීම සඳහා ලොව සතර දෙසින් මාධ්‍යවේදීන් 2500 ක්‌ පමණ මේ වන විට සිංගප්පූරුවට පැමිණ ඇති බව ද සඳහන්.

Pic Source: BBC

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.