ගෝලීය උණුසුම
- 2025-07-28 14:04:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එක්සත් රාජධානිය යනු එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තයයි. ඔබ මේ ලිපිය කියවන මොහොත වෙද්දී, යුරෝපය අසාමාන්‍ය ලෙස වියළි උණුසුම් කාලගුණයකින් බැටකයි. ස්පාඤ්ඤයේ සහ ප්‍රංශයේ ලැව් ගිනි පැතිර යමින් පවතී. ස්පාඤ්ඤය, ප්‍රංශය මෙන්ම එක්සත් රාජධානිය ද අයත් වන්නේ යුරෝපයටය.
රේලි පීලි ඇඹරුණු හැටි
පසුගිය දා වේල්සයේ පළාත් කිහිපයක දුම්රිය ගමන්වලට ද අධික උණුසුම හරස් විය. ඒ, අධික උණුසුම හේතුවෙන් දුම්රිය පීලි ඇඹරී, ඇදවී යෑමත් සමගය. දුම්රිය ගමන් බිමන් හිටිහැටියේ නතර වූයේ, මගීන් දැඩි ලෙස අපහසුතාවට පත් කරමිනි. දුම්රිය පීලි සෙල්සියස් අංශක 50 දක්වා රත් වෙද්දී, ඒවා ඇඹරී ඇද වෙයි. වේල්සයේ දුම්රිය ගමන් බිමන් නතර වූයේ මේ නිසාය. මේ අයුරින්, අධික උණුසුම හේතුවෙන් දුම්රිය පීලි; නැතිනම් රේල් පීලි ඇදවීම, යුරෝපා රටවල පමණක් නොව, ඇමෙරිකාවේ ද බහුලව සිදුවෙයි. මීට වසර ගණනකට පෙර, 2012 වසරේ ජූලි මාසයේ ඇතිවූ අධික උණුසුම් කාලගුණයක් හේතුවෙන් ඇමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක දුම්රිය පීලි ඇදවී අනතුරු 2,100 කට වැඩි ප්‍රමාණයක් වාර්තා විය.
විපරිත කාලගුණය
අධික උණුසුම් කාලගුණය පමණක් නොව, අධික සීත කාලගුණයට ද හේතුව ගෝලීය උණුසුම ඉහළ යෑම යැයි කාලගුණ විද්‍යාඥයන්ගේ මතයයි. නොයෙක් විදියේ විපරිත දේශගුණික පෙරළි ඇති වන්නේ ද ගෝලීය උණුසුම ඉහළ යෑම හේතුවෙනි. ගෝලීය උණුසුම ඉහළ යෑම, පෘථිවිවාසීන්ට විශාල තර්ජනයක් බව අමුතුවෙන් කිවයුතු නැත. මෙය අද ලෝකයා මුහුණ දෙන ප්‍රධානතම පාරිසරික අභියෝගයකි. මෙහිදී සිදුවන්නේ, පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩි වීමය. මේ තත්ත්වය මනුෂ්‍ය අපට විවිධ ආකාරවලින් බලපෑම් එල්ල කරයි.
ගෝලීය උණුසුම
ගෝලීය උණුසුම ඉහළ යෑමට ප්‍රධානම හේතුව මිනිස් ක්‍රියාකාරකම් යැයි පරිසරවේදීහු නිරන්තරයෙන් චෝදනා කරති. කාර්මික ක්‍රියාවලි සහ ෆොසිල ඉන්ධන දහනය ගෝලීය උණුසුම ඉහළ යෑමට ප්‍රධාන හේතුව වෙයි. පසුගිය දා ඉන්ටර්නැෂනල් සෝලර් අලයන්ස් (ජාත්‍යන්තර සූර්ය බලශක්ති සන්ධානය) සංවිධානයේ ප්‍රධාන සමුළුව කොළඹදී පැවැත්වුණි. එ්, පොසිල ඉන්ධන වෙනුවට සූර්ය බලය භාවිත කළ යුත්තේ ඇයිදැයි පැහැදිලි කරමිනි. කර්මාන්තශාලා, වාහන සහ විදුලිය උත්පාදනය සඳහා ගල් අඟුරු, තෙල් සහ ස්වාභාවික වායු වැනි ෆොසිල ඉන්ධන දහනය කිරීමෙන් කාබන්ඩයොක්සයිඩ්, මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ් වැනි හරිතාගාර වායු විශාල ප්‍රමාණයක් වායුගෝලයට එකතු වෙයි. ගෝලීය උණුසුම ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු සාධකයක් වන්නේ මෙයයි. මිල අධික වුවත්, සූර්ය බලය වැනි පරිසර හිතකාමී ඉන්ධන භාවිතයේ වැදගත්කම කොළඹ පැවැති එම ජාත්‍යන්තර සමුළුවේදී පෙන්වා දීම සිදුවිය.
වනාන්තර විනාශය
ගස් මගින් වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරගැනීම සිදු කරයි. එහෙත්, කොතරම් විරුද්ධ වුවත්, කාර්මීකරණයත් සමඟ වනාන්තර විනාශය නොකඩවා සිදුවෙයි. මහා පරිමාණයෙන් සිදුවන වනාන්තර විනාශය හේතුවෙන් වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වී උණුසුම තවදුරටත් ඉහළ යයි. කෘෂිකාර්මික කටයුතු ද ගෝලීය උණුසුම ඉහළ යෑමට හේතු සාධකයකි. සත්ව පාලන කටයුතුවලින් සහ ඇතැම් කෘෂිකාර්මික ක්‍රමවලින් ද හරිතාගාර වායු වන මීතේන් සහ නයිට්‍රස් ඔක්සයිඩ් වැනි වායු පිටවීම සිදුවෙයි. හරිතාගාර වායු පෘථිවි පෘෂ්ඨයෙන් පරාවර්තනය වන තාපය වායුගෝලයේ රඳවා ගැනීමක් කරන බැවින්, එය ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමට හේතුවක් වෙයි.
කාලගුණ පෙරළි
පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යෑම අධික කාලගුණික විපත්වලට හේතුව වෙයි. දිගු කාලීන නියඟ ඇතිවීම, පානීය ජල හිඟයක් සහ කෘෂිකාර්මික කටයුතුවලට බාධාවකි. ඇතැම් ප්‍රදේශවලට අධික වර්ෂාපතනය ලැබී, ගංවතුර තත්ත්ව නිර්මාණය වී, දේපළ හානි සිදුවෙයි. ජීවිත හානි සිදුවෙයි. වගා විනාශ වෙයි. මේ මොහොතේ පාකිස්තානයට නොකඩවා මෝසම් වැසි ඇද හැලෙයි. 200 කට වැඩි පිරිසක් ජල ගැලීම් සහ අකුණු සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇත. සුළි කුණාටු වැනි දරුණු කාලගුණික රටා බහුල වීම සහ අනපේක්ෂික ආකාරයෙන් සුළි කුණාටු ඇතිවීමට ද ගෝලීය උණුසුම හේතුවක් වෙයි. පසුගියදා ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයට මහ වැසි ඇද හැලීම සහ හදිසි ජල ගැලීම් හට ගැනීම ඊට හොඳ උදාහරණයකි.
සෞඛ්‍යයට හොඳ නෑ
පරිසරයේ උෂ්ණත්වය ඉහළ යෑම අප සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති කරයි. අධික උෂ්ණත්වය නිසා හිරු රශ්මියට නිරාවරණය වීමෙන් ඇතිවන රෝග, විජලනය වැනි තත්ත්ව ඒ අතරින් ප්‍රධාන වෙයි. වැඩිහිටියන්ට, කුඩා දරුවන්ට සහ නිදන්ගත රෝග ඇති පුද්ගලයන්ට අධික උණුසුම දරුණු විය හැකිය. කලින් සඳහන් කළ පරිදි මේ වනවිට යුරෝපා රටවල හීට් වේව්ස් (තාප ධාරා) පැතිර යයි. ඒ අනුව, සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සැලකිය යුතු ලෙස වැඩි උෂ්ණත්වයක් දින ගණනක් පවතී. හීට් වේව්ස් විවිධාකාරයේ රෝගාබාධවලට හේතු වෙයි. සිරුරේ අභ්‍යන්තර උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යෑම (සෙල්සියස් අංශක 40 හෝ ඊට වැඩි) සහ දහඩිය දැමීමේ හැකියාව අඩුවීම සිදුවෙයි. ඒ අනුව, ක්ලාන්තය, ව්‍යාකූලත්වය, කම්පන තත්ත්ව සහ සිහිසුන් වීම සිදුවෙයි. කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර නොලැබුණොත් ජීවිත හානි සිදුවීමට පවා ඉඩ ඇත. ඊට අමතරව, අධික උණුසුම, මානසික සෞඛ්‍යයට ද බලපෑම් එල්ල කරන බව වෛද්‍යවරු පවසති.
ග්ලැසියර දියවීම
මිනිස් ක්‍රියාකාරකම් නිසා ගෝලීය උෂ්ණත්වය ඉහළ ගොස්, වායුගෝලයේ හරිතාගාර වායු වැඩිවීම ග්ලැසියර දියවීම ද වේගවත් කිරීමට හේතුවක් වී ඇත. ග්ලැසියර දියවීමෙන්, සගරයට වැඩි වැඩියෙන් ජලය එක් වීමේදී, මුහුදු මට්ටම ඉහළ යයි. මෙය දූපත්වාසීන්ට ගැටලුවකි. වෙරළබඩ ප්‍රදේශ ජලයෙන් යටවීමටත්, පානීය ජල මූලාශ්‍රවලට ලවණ ජලය මිශ්‍ර වීමටත් හේතු වෙයි. ග්ලැසියර යනු ලොව විශාලතම නැවුම් ජල සංචිතය. කඳු ආශ්‍රිතව, ඇති ග්ලැසියර දියවීමෙන් දිගුකාලීනව ජල හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතී. ග්ලැසියර දියවීමන්, සාගර ධාරා සහ සුළං රටා වෙනස් වෙයි. කාලගුණික විපර්යාස උග්‍ර කරයි. ග්ලැසියර ආශ්‍රිත පරිසර පද්ධතිවල ජීවත්වන සතුන්ට සහ ශාකවලට වාසස්ථාන අහිමි වී යා හැක. ගෝලීය උණුසුම ඉහළ යෑම, පරිසර පද්ධතිවලට සෘජුවම බලපායි. සමහර ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය අඩුවී නියඟ වැඩි වෙයි. මේ නිසා කෘෂිකර්මාන්තයට හානි සිදුවන අතර පානීය ජල හිඟයක් ඇතිවෙයි. එල් නීනෝ (El Niño) සහ ලා නීනා (La Niña) යන පැසිෆික් සාගරයේ සිදුවන ස්වාභාවික කාලගුණික රටාවලට ද ගෝලීය උණුසුම ඉහළ යෑම බලපෑමක් ඇති කරයි. අප ශ්‍රී ලංකාවට ද, එල් නීනෝ සහ ලා නීනා තත්ත්වයන් බලපාන අතර, එල් නීනෝ නිසා වියළි කාලගුණයක් සහ ලා නීනා නිසා අධික වර්ෂාවක් ඇතිවිය හැකිය. ගෝලීය උණුසුම නිසා මේ බලපෑම්වල තීව්‍රතාවය තවදුරටත් වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යාඥයන්ගේ අදහසය.
සාගර පරිසරයට
ජෛව විවිධත්වයට වන හානිය
මිනිස් ක්‍රියාකාරකම් නිසා ගෝලීය උෂ්ණත්වය ඉහළ ගොස්, වායුගෝලයේ හරිතාගාර වායු වැඩිවීම ග්ලැසියර දියවීම ද වේගවත් කිරීමට හේතුවක් වී ඇත. ග්ලැසියර දියවීමෙන්, සගරයට වැඩි වැඩියෙන් ජලය එක් වීමේදී, මුහුදු මට්ටම ඉහළ යයි. මෙය දූපත්වාසීන්ට ගැටලුවකි. වෙරළබඩ ප්‍රදේශ ජලයෙන් යටවීමටත්, පානීය ජල මූලාශ්‍රවලට ලවණ ජලය මිශ්‍ර වීමටත් හේතු වෙයි. ග්ලැසියර යනු ලොව විශාලතම නැවුම් ජල සංචිතය. කඳු ආශ්‍රිතව, ඇති ග්ලැසියර දියවීමෙන් දිගුකාලීනව ජල හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතී. ග්ලැසියර දියවීමන්, සාගර ධාරා සහ සුළං රටා වෙනස් වෙයි. කාලගුණික විපර්යාස උග්‍ර කරයි. ග්ලැසියර ආශ්‍රිත පරිසර පද්ධතිවල ජීවත්වන සතුන්ට සහ ශාකවලට වාසස්ථාන අහිමි වී යා හැක. ගෝලීය උණුසුම ඉහළ යෑම, පරිසර පද්ධතිවලට සෘජුවම බලපායි. සමහර ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය අඩුවී නියඟ වැඩි වෙයි. මේ නිසා කෘෂිකර්මාන්තයට හානි සිදුවන අතර පානීය ජල හිඟයක් ඇතිවෙයි. එල් නීනෝ (El Niño) සහ ලා නීනා (La Niña) යන පැසිෆික් සාගරයේ සිදුවන ස්වාභාවික කාලගුණික රටාවලට ද ගෝලීය උණුසුම ඉහළ යෑම බලපෑමක් ඇති කරයි. අප ශ්‍රී ලංකාවට ද, එල් නීනෝ සහ ලා නීනා තත්ත්වයන් බලපාන අතර, එල් නීනෝ නිසා වියළි කාලගුණයක් සහ ලා නීනා නිසා අධික වර්ෂාවක් ඇතිවිය හැකිය. ගෝලීය උණුසුම නිසා මේ බලපෑම්වල තීව්‍රතාවය තවදුරටත් වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යාඥයන්ගේ අදහසය. ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම, පරිසරයට සිදුවන හානි සෘජුවම ජෛව විවිධත්වයට, එසේත් නැතිනම් පෘථිවියේ ශාක, සත්ව සහ ක්ෂුද්‍ර ජීවී විශේෂවලටත් ඔවුන්ගේ වාසස්ථානවලටත් බලපෑම් එල්ල කරයි. උෂ්ණත්වය ඉහළ යෑම නිසා, බොහෝ විශේෂවලට ඔවුන්ගේ ස්වාභාවික වාසස්ථානවල ජීවත් වීමට අපහසු වෙයි. උදාහරණයක් ලෙස, හිම වලසුන්ට හිම තට්ටු දියවීම නිසා දඩයම් කිරීමට සහ පැවැතීමට අවශ්‍ය වාසස්ථාන අහිමි වෙයි. මුහුදු මට්ටම ඉහළ යෑම හේතුවෙන්, කඩොලාන වනාන්තර සහ වෙරළබඩ තෙත්බිම් වැනි වැදගත් පරිසර පද්ධති විනාශ වෙයි. ඇතැම්, සතුන් සීතල ප්‍රදේශ කරා හෝ වෙනත් වාසස්ථාන සොයා සංක්‍රමණය වීමට පටන් ගනී. මේ නිසා ඔවුන්ගේ ආහාර මූලාශ්‍ර සහ ප්‍රජනන චක්‍ර අවුල් වෙයි. දේශගුණික විපර්යාසයන්ට අනුවර්තනය වීමට නොහැකි විශේෂ වඳවී යාමේ අවදානමට ලක් වෙයි. කොරල්පර විනාශය නිසා ඒ මත යැපෙන බොහෝ මුහුදු ජීවීන්ට පැවැත්මේ අභියෝග එල්ල වෙයි. එක් විශේෂයකට හානි සිදුවීමෙන් එම ආහාර දාමයේ අනෙකුත් විශේෂයන්ට ද බලපෑම් ඇති වෙයි. උදාහරණයක් ලෙස, යම් ප්‍රදේශයක එක් කෘමි වර්ගයක් අඩු වුවහොත්, එම කෘමීන් මත යැපෙන පක්ෂීන්ගේ සංඛ්‍යාව ද අඩු වෙයි. උෂ්ණත්වය ඉහළ යෑම නිසා, මදුරුවන් වැනි රෝග වාහකයන්ගේ ව්‍යාප්තිය වැඩි විය හැකි අතර, එය ද රෝග ව්‍යාප්තිය උත්සන්න කරයි.
ලුසිත ජයමාන්න
බීබීසී ඇසුරිනි
Reply To:
Name - Reply Comment
0 Comments