මහනුවර වායු ගෝලයේ රෝග කාරක ක්ෂුද්‍ර ජීවීන්ගේ ඝනත්වයේ ඉහළ යෑමක්
- 2020-01-06 14:14:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහනුවර නගරාශ්‍රිත වායු ගෝලයේ අසාමාන්‍ය ලෙස පරිසර තත්ත්වයන්ට ගැලපෙන ලෙස අනුවර්තනය වන රෝග කාරක ක්ෂුද්‍ර ජීවී විශේෂ ගණනාවක ඝනත්වය ඉහළ ගොස් තිබෙන බව හන්තාන මූලික අධ්‍යන ආයතනය මගින් සිදු කරන ලද පරීක්ෂණයක් මගින් සොයා ගෙන තිබේ.
නගරාශ්‍රිතව පවතින අධික වායු දූෂණය නාගරික වායු ගෝලයේ මෙම ක්ෂුද්‍ර ජීවී ඝනත්වය ඉහළ යෑමට ප්‍රධාන වී ඇති බව මහචාර්ය ධම්මික මගනාආරච්චි මහත්මිය සඳහන් කළාය.
මහනුවර නගරය හා ග්‍රාමීය ප්‍රදේශ මූලික කර ගනිමින් සිදුකල පරීක්ෂණයේදි මේ බව අණාවරණය වි ඇත. ඇත.
බැසිලස් මෝගනෙල්ලා,එන්ටරෝබැක්ටර්,ඇසිනෙටෝබැක්ටර් ආදි ක්ෂුද්‍ර ජීවීන් ගහණය නාගරික වායු ගෝලයේ වැඩි වීම නිසා ඇස් කන් හා බහිස්‍රාවීය පද්ධතිය ආශ්‍රිත අසාත්මිකතා මෙන්ම පෙනහළු පිළිකා,නිව්මෝනියාව ආදී රෝග උත්සන්න වීමේ වැඩි අවකාශයක් පවතින බවද පර්යේෂණය මගින් සොයා ගෙන තිබේ.
කැස්ස,ඇදුම හා ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග බහුල වීම, නිසි ලෙස ප්‍රතශක්තිකරණ පද්ධතිය වර්ධනය නොවූ කුඩා ළමුන්ට නිතර පවතින රෝග තත්වයන්ට මෙම තත්ත්වය හේතුවී තිබෙන බවද මහචාර්යවරිය ප්‍රකාශ කළාය.
මෙම ක්ෂුද්‍ර ජීවීන් අසාමාන්‍යය ලෙස පරිසර තත්ත්වයන්ට සරිලන ලෙස අනුවර්තනය වන බවත් ඔවුන්ට මිනිස් සිරුරේ ප්‍රතිශක්ති කාරකයන් ගෙන් ආරක්ෂා වීමට හැකි අංගෝපාංග පිහිටා තිබෙන බවත් ඇය පවසයි.
සාමාන්‍ය ඖෂධ වලට දක්වන ප්‍රතිචාරය අඩු නිසා මෙම ක්ෂුද්‍ර ජීවීන් මගින් හට ගන්නා රෝග සුව කිරීම අපහසු කරුණක් වී තිබෙන බවත් බිත්ති වල ඇති දිලීර,කසළ හා දූවිලි වායු ගෝලයට ක්ෂුද්‍ර ජීවීන් මුදා හැරෙන ප්‍රධාන ස්ථාන ලෙස හඳුනාගෙන තිබෙන බවද මහචාර්යවරිය ප්‍රකාශ කළාය.
(චමිල් රූපසිංහ - අද පුවත්පත)
Reply To:
Name - Reply Comment
0 Comments