“සුසර සර” වාද්‍ය වෘන්දය 20 දා කොළඹ රාජකීය විද්‍යාලයීය නව රඟහලේ දී
- 2019-10-14 10:02:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බොරැල්ල සුසමයවර්ධන විද්‍යාලයේ සිසුන්ගේ සෞන්දර්යාත්මක කුසලතා වර්ධනය සදහා පවත්වනු ලබන “සුසර සර” වාද්‍ය වෘන්දය 20 දා ඉරිදා පස්වරු 5.00ට කොළඹ රාජකීය විද්‍යාලයීය නව රඟහලේ දී පැවැත්වේ.
බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් එස්. ජී. විජයබන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්වෙන සුසර සර උළෙලට කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂක ජි.එන්.සිල්වා මහතා විශේෂ ආරධිතයකු ලෙස සහභාගී වේ. විද්‍යාලයීය ආදි ශිෂ්‍ය වාද්‍ය නිපුන් පේෂල මනෝජ් මහතා ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම ප‍්‍රසංගය වාදනය, නර්තනය හා රංගනයෙන් සමන්විත වේ.
ශිෂ්‍යයින් 35 දෙනෙකුගෙන් සැදුම්ලත් “සුසර සර වාද්‍ය වෘන්දය” විද්‍යාලයීය සංගීත ආචාරීනී ශිරෝමි අබේගුණසේකර විසින් මෙහෙයවයි. සෞන්දර්ය ඒකකයේ නර්තනාචාරිනී නිරෝෂිනි මහත්මිය හා නාට්‍ය හා රංග කලාව භාර ආචාරිනී ජයනි සඳරේණු අමරසිරි මෙනවියගේ කැපවීමෙන් හා විද්‍යාලයීය විදුහල්පති ඩබ්ලිව්. ඒ. කපිල වීරසූරිය මහතා ඇතුළු සියලු ආචාර්ය මණ්ඩලයේ සහයෝගයෙන් මෙවර සුසර සර ප‍්‍රසංගය උත්කර්ෂවත් ආකාරයෙන් පැවැත්වීමට නියමිත බව විද්‍යාලීය සෞන්දර්ය ඒකකය නිවේදනය කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments