Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කොළඹ නගරය තෙත් බිම් නගරයක් ලෙස පසුගියදා ඩුබායි හි පැවති රැම්සා පාර්ශවකරුවන්ගේ සම්මුතියෙහි 13 වැනි සැසිවාරයේ දී ප‍්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

කොළඹ අවට පවත්නා තෙත්  බිම් මඟින් සිදුවන පාරිසරික සේවයේ ඇති වැදගත්කම සැළකිල්ලට ගෙන මෙසේ කොළඹ නගරය තෙත්බිම් නගරයක් ලෙස ප‍්‍රකාශයට පත්කරනු ලැබ ඇති බව එම සැසියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (මෙහෙයුම්) මංජුල අමරරත්න මහතා උපුටා දක්වමින් ලංකාදීපය වාර්තා කරයි. රැම්සා සම්මුතිය පළමු වතාවට මෙසේ තෙත්බිම් නගර සංකල්පය ප‍්‍රකාශයට පත් කොට ඇති අතර ඒ වෙනුවෙන් ලෝකයේ රටවල් 6 ක නගර 18 ක් තෙත්බිම්  නගර ලෙස ප‍්‍රකාශයට පත් කර ඇත.

චීනයේ නගර 6ක් ද, ප‍්‍රංශයේ නගර 4ක් ද, කොරියාවේ නගර 4ක්, හංගේරියාවේ නගරයක්, ටියුනීසියාවේ නගරයක්, මැඩගස්කරයේ නගරයක්, හා කොළඹ නගරය මෙසේ නාගරික තෙත් බිම් ලෙස ප‍්‍රකාශයට පත්කරනු ලැබ ඇත. කොළඹ මහ නගර සභා ප‍්‍රදේශයේ, කොළොන්නාව නගර සභා ප‍්‍රදේශයේ හා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභා ප‍්‍රදේශයේ ඇති තෙත් බිම් සැළකිල්ලට ගෙන මෙසේ තෙත් බිම් නගරයක් බවට ප‍්‍රකාශයට පත් කරනු ලැබ ඇති  බව ද අමරරත්න මහතා  කීය.

කොළඹ නගරයේ ඉදිරි සංවර්ධන ක‍්‍රියාකාරකම් සිදු කිරීමේ දී නාගරික තෙත්  බිම් නගරයක් බව සැළකිල්ලට ගනිමින් පරිසරයට අහිතකර බලපෑම් සිදු නොවන පරිදි සැලසුම් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇතැයි ද හෙතෙම කියා සිටියේය. ඉදිරියේ දී පරිසර  හිතකාමී කි‍්‍රයාකාරකම් තුළින් කොළඹ සුවිශේෂී සංචාරක පුරවරයක් බවට පත්කළ හැකි බව ද අමරරත්න මහතා තව දුරටත් සඳහන් කළේය.

සබැඳි පුවත්

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.