2025 ජුලි මස 06 පෙ.ව. 12:39 - {{hitsCtrl.values.hits}}
දකුණු පළාතේ සංස්කෘතික උරැම ප්‍රදර්ශනය කෙරෙනගාල්ල ජාතික කෞතුකාගාරය ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවට අයත් වූවකි. දකුණු පළාතේ සංස්කෘතික උරැමය සුරුකීම හා ඒ පිළිබඳ මහජනයා දැනුම්වත් කිරීම අරමුණු කරගනිමින් කෞතුකාගාරය පිහිට වා ඇත. ඒ 1686 දීය. කෞතුකාගාරය පිහිටුවා ඇත්තේ ගාලු කොටුවේ ඉඳිකරන ලද පැරණිතම ඕලන්ද ගොඩනැගිල්ල තුළය. අතීතයේදී මෙම ගොඩනැගිල්ල ගබඩාවක් සඳහා හා නිල නිවසක් වශයෙන් භාවිතයට ලෙන ඇති බවට සාක්ෂි හමු වෙනවා.
පළමු මැදිරිය
කෞතුකාගාර ගොඩනැගිල්ල මැදිරි තුනකින් යුක්තය. ඉන් පළමු මැදිරිය දකුණු පළාතට ආවේණික කලා ශිල්ප විදහා දක්වයි. කැස්බෑ ලෙලි කර්මාන්තය, කළුවර ලීයෙන් හා ඇත් දළින් කළ භාණ්ඩ, වෙස්මුහුණු, බීරළු රේන්ද , බලි තොවිල් ආදී ප්‍රදර්ශන භාණ්ඩ වලින් මෙම මැදිරිය පිරී ඇත. කැස්බෑ ලෙලි කර්මාන්තය ගාල්ලට ආවේණික වූවකි. අතීතයේ ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් ඉසිලූ මෙම කර්මාන්තය අද තහනම් වී ඇත.
දෙවන මැදිරිය
දෙවන ප්‍රදර්ශන මැදිරිය මුළුමනින්ම ඕලන්ද යුගයේ භාවිතයට ගත් භාණ්ඩ එකතුවකින් සමන්විතය. ඕලන්ද කඩු, කිනිසි, වී.ඕ.සී පිඟන් භාණ්ඩ, ඕලන්ද කාසි, නැව්වල ජලය ගෙන යාමට භාවිතයට ගත් බරණි, දුම් පයිප්ප, දුම්කොළ පෙට්ටි ආදී දේශීය දැව වර්ග භාවිතයට ගනිම්න් ඕලන්ද ගෘහ භාණ්ඩ සම්ප්‍රදායට අනුව සාදන ලද දුර්ලභ ගෘහ භාණ්ඩ මෙහි ප්‍රදර්ශනයට තබා ඇත.
පිත්තල උපයෝගී කරගනිමින් විවිධ හැඩතල අනුව නිමවූ විශාල පිත්තල භාණ්ඩ එකතුවක්ද මෙහි ඇත. 17, 18 සියවස්වල ආගමික සිද්ධස්ථාන, වෙහෙර, විහාර, පන්සල්, කෝවිල් හා ප්‍රභූ නිවාස ආදියෙහි සුලභ භාවිතඔ වූ පිත්තල භාණ්ඩ මෙලෙස ප්‍රදර්ශනයට තබා ඇත.
තුන්වන මැදිරිය
තුන්වන මැදිරිය සාදන ලද්දේ මෑතදීය. ඒ 2013 සැප්තැම්බර් 10 වන දායි. චීනය හා ශ්‍රී ලංකාව අතර පැවති මිත්‍ර සබඳතාව පිළිබඳව ජනයා දැනුම්වත් කිරීම අරමුණු කර ගනිමින් මැදිරිය සාදා ඇත.
තොරතුරැ- අයෝන දසනායක මහත්මිය
ස්ථානභාර නිලධාරී - ගාල්ල ජාතික කෞතුකාගාර.
![]() |
diary Read more... |