වියට්නාම් බෞද්ධ දූත පිරිසක් ශ්‍රී ලංකාවේ දින හතක සංචාරයක
- 2025-10-20 11:16:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඇමරිකා එක්සත් ජනපදයේ ජිවත් වන වියට්නාම ජාතික ස්වාමීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා හා දායක දායිකාවන් ඇතුළු 86 දෙනකුගෙන් සමන්විත බෞද්ධ දූත පිරිසක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියහ.
මෙම බෞද්ධ දූත පිරිස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නේ ඇමරිකාවේ ටෙක්සාස් ප්රාවන්තයේ සෙන් ඇන්තෝනියෝ බෞද්ධ විහාරයේ රාජකීය පණ්ඩිත, ශාස්ත්රවපති පූජ්යට උඩුමුල්ලේ සරණපාල ස්වාමීන් වහන්සේගේ උපදෙස්, මඟපෙන්වීම සහ අනුශාසනා ඇතිවය.
දින 7ක චාරිකාවේ පළමු දින රුවන්වැලිසෑය නැමැද, රුවන්වැලි චෛත්‍යාරාමධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගත්හ.
දූත පිරිසට ඇමරිකාවේ ටෙක්සාස්හි සෙන් ඇන්තෝනියෝ ලියන් හෝවා (Lien Hoa) බෞද්ධ විහාරයේ පූජ්‍ය THIEN ස්වාමින් වහන්සේ නායකත්වය ලබාදෙන අතර සංචාරයේදී දූත පිරිස මල්වතු – අස්ගිරි මහා නායක හිමිවරු, අටමස්ථානාධිපති හිමියන් ඇතුළු ප්‍රධාන හිමිවරු බැහැ දැකීම, ආගමික වැඩසටහන් කිහිපයකට සහභාගී වීම, මහනුවර, අනුරාධපුර, සීගිරිය හා දඹුල්ල ප්‍රදේශවල සංස්කෘතික හා පෞරාණික වටිනාකම් ඇති ස්ථාන නැරැඹීම සහ භික්ෂූන් වහන්සේ උදෙසා අධ්‍යාපනික උපකාරයන් ලබාදීම සිදු කිරීමට නියමිතය.
මෙම සංචාරය පිළිබඳව අදහස් දක්වන සෙන් ඇන්තෝනියෝ බෞද්ධ විහාරයේ රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පූජ්‍ය උඩුමුල්ලේ සරණපාල ස්වාමීන් වහන්සේ පැවසුවේ ථෙරවාදී බෞද්ධ රටක් ලෙස ශ්‍රී ලංකාවේ බෞද්ධ පුනරුදය පිළිබඳ සොයා බැලීම සහ සහයෝගිතාව ගොඩනැඟීම මෙම දූත පිරිසේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ බවයි.
Reply To:
Name - Reply Comment
0 Comments