දීපවාලි මංගල්‍යය අදයි ජාතික දීපවාලි උත්සවය හැටන් නගරයේදී
- 2025-10-20 13:12:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලොව පුරා හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන්, භක්තියෙන් හා උත්සවාකාරයෙන් සමරන දීපාවලී දිනය අදට යෙදි ඇත. ඉන්දියානු සංස්කෘතික උත්සව අතරින් ප්‍රධාන ස්ථානයක් ගනු ලබන දීපාවලී දිනය හින්දු බැතිමතුන්ගේ වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක් ලෙස සැලකෙයි.
විෂ්ණු දෙවියන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කර ආලෝකය පැතිරවීම සිහිපත් කිරීම දීපාවලී උත්සවයේ අරමුණ වේ. අඳුර පහව ගොස් ආලෝකය උදාවේවා යැයි ප්‍රාර්ථනා කරමින් හින්දු බැතුමතුන් විසින් තම නිවෙස්වල පහන් දල්වා මෙම උත්සවය සැමරීම සිදු කරනු ලබයි.
සැමට සාමය හා සෞභාග්‍ය ප්‍රාර්ථනා කරමින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මඟින් සංවිධාන කරන ලද ජාතික දීපවාලි උත්සවය ඊයේ (19) හැටන් නගරයේදී පැවැත්විණි. බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති මහාචාර්ය හිනිදුම සුනිල් සෙෙනවි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ ජාතික දීපවාලි උත්සවයේ ප්‍රධාන පූජාව හැටන් ශ්‍රී මාණික්ක පිල්ලෙයාර් හින්දු කෝවිලේදී ප්‍රධාන පූජකතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
Reply To:
Name - Reply Comment
0 Comments