Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කරගහගෙදර  අම්බලම

  • 2017-01-09 12:39:25
  • 0 Comments

 

මෙම අම්බලම ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ නාරම්මල නගරයට ආසන්නව පිහිටා ඇත. කරගහගෙදර අම්බලම ඉතා ඈත අතීතයකට උරුමකම් කියන බවට සාක්ෂි රැසක් එහි ඇත.  මෙම අම්බලමේ ඇති එක් දැව කඳක 1837 ලෙස සටහන් කර ඇත. එමනිසා මෙම අම්බලම 1837 වසරේදී හෝ එයට ‍ පෙර නිර්මාණය කර ඇති බව සිතිය හැක.

මෙම අම්බලම ස්වභාව සෞන්දර්යයෙන් පිරිපුන් පරිසරයක, වෙල් යායක් අසල පිහිටි ගල් තලාවක් මත් ඉදිකර ඇත. මෙහි ඇති  පාරිසරික සුන්දරත්වය නිසා කරගහගෙදර අම්බලම දෙස් විදෙස් සංචාරකයන් අතර අතිශය ප්‍රචලිත වී ඇත.

මෙම අම්බලම නිර්මාණය කිරීමට යොදාගෙන ඇති තාක්ෂණය ඉතා විශ්මය ජනකය. එය විශාල ගෝලාකාර ගල් කුටිටි හතරක් මත සම චතුරශ්‍රාකාර හැඩයෙන් ඉදිකර  ඇත. දැවයෙන්  නිර්මාණය කර ඇති මෙම අම්බලමේ වහල උළුවලින් ආවරණය කර ඇත. අම්බලම ඇතුලත පාද තැබීමට යැයි සිතිය හැකි කුඩා දැව කඳන් හතර ඇත. අම්බලම වටා දැව කණු 17ක් වහලට සම්බන්ධ වේ. අම්බලමට ඇතුලුවීමට ඇති පියගැටපෙල මෑත කාලයේ ඉදිකර  ඇති බව පෙනියයි. මෙහි දැව කඳක් සම්බන්ධ කිරිම සඳහා යකඩ ඇණ යොදාගෙන නොතිබීම විශේෂත්වයකි. ඒ වෙනුවට ලී ඇණ යොදාගෙන ඇත.

අතිතයේදී මෙම අම්බලම අසලින් දඹදෙණියේ සිට අනුරාධපුරය දක්වා වු මාර්ගය වැටී තිබූ බව විශ්වාස කරනු ලබයි. මෙම මාර්ගයේ ගමන්ගත් අය ගිමන් හැරීම සඳහා අම්බලම භාවිතා කරන්නට ඇත. කරගහගෙදර අම්බලම පුරා විද්‍යා ආරක්ෂක ස්මාරකයක් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශ කර ඇත.

 මෙය සුරැකිම අප සතු යුතුකමකි.

 

ටි.එම්.ජනක නාමල් තෙන්නකෝන්

9 ශ්‍රේණිය

අ/ වලිසිංහ හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලය

අනුරාධපුර.

IMG_1823

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.