ගිරැවා අම්බලම
- 2018-10-07 11:07:41
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ ඉපැරණි අම්බලම් අතරින් එකකි. ගිරැවා අම්බලම ඇත්තේ එය අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාල භූමි පරිශ්‍රයට සමීපව අලුත් නුවර නගර මධ්‍යයේ ය. දෙවැනි පණ්ඩිත පරාක්‍රමභාහු රජුගේ අගමෙහෙසිය වූ සුනේත්‍රා දේවිය විසින් කරවා ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි. ඒ දඹදෙණි රාජ්‍ය සමයේදීය. ඇය රැහුණු රට ගිරැවායේ සිටි රාමචන්ද්‍ර නැමැති බ්‍රාහ්මණ වංශිකයෙකුගේ දියණියක බව ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වෙයි. කුඩා කළ ගිරැවායේ වාසය කළ බැවින් ඇය ගිරැවා දේවිය ලෙසද හැඳින්විණ. සුනේත්‍රා නම් වූ ඇය ගිරැවස සුනේත්‍රා දේවිය ලෙස ජනතාව අතර ප්‍රචලිත ගිරැවස දේවියට රැහුණේ, මාගම්පුරේ මෙන්ම මායා රටේද බිසෝගම් රුසක් තිබී ඇත. අලුත්නුවර දේවාලය ගොඩනගා ඇත්තේද අතීතයේ පද්දාවෙල ලෙස හැඳින්වූ ඇයට අයත්ව තිබූ බිසෝ ගමක බව ඉතිහාසයේ සඳහන් වේ.
අසනීප තත්ත්වය
මුඛපරම්පරා ගත කරැණු වලට අනුව සුනේත්‍රා දේවිය විසින් මෙම අම්බලම ඉදි කිරීමට හේතු වූයේ රජුට වැලඳුණු අසනීප තත්ත්වයකි. එනම් රජුට කථා කිරීමට නොහැකිව ගොත ගසන රෝගයක් වැලඳී ඇත. රටේ දක්ෂ වෛද්‍යවරැන්ගෙන් ප්‍රතිකාර ලබා ගත්තද රෝගය සුව නොවීය. මෙනිසා රජුගේ අගමෙහෙසිය වූ ගිරැවස දේවිය දෙවිනුවර උපුල්වන් දෙවියන්ට පඬුරැ ගැට ගසා රජුට සුවය ප්‍රාර්ථනා කළා. එදින රාත්‍රියේ උපුල්වන් දෙවියන් සිහිනෙන් පෙනී සිට යමක් පැවසීය. එනම් මායා රටේ පිහිටි බිසෝපත්තුවට අයත් ගම්වල පදිංචි තේවාකාරයන්ට දෙවිනුවරට පැමිණ පෙරහර කටයුතු ඉටු කිරීමට අපහසු වී ඇති බැවින් පද්දාවෙල නැමැති ග්‍රාමයේ උපුල්වන් දෙවියන් වෙනුවෙන් දේවාලයක් ගොඩනංවන ලෙසයි.
පද්දාවෙල
එම ඉදිකිරීම් කටයුතු අස්සද්දනා පිරිවෙන් තෙරසාමීගේ උපදෙස් අනුව කරන ලෙසද පැවසීය. පද්දාවෙල්පායේ තෙරසාමීන්ටද උපුල්වන් දෙවියන් එදිනට රාත්‍රියේ සිහිනෙන් පෙනී සිට එයම පවසා දේවාලය සෑදිය යුතු ස්ථානය පෙන්නුම් කළේය. මේ ගැන ඇසූ රජු පද්දාවෙල නවතිලකපුර නම් අලුත් නුවරක් කරවීය. ඉන් පසු දෙවිනුවර උපුල්වන් දෙවි රැව හා දේවාභරණ පෙරහරෙන් අලුත් නුවරට වැඩම කරවා ඇත. මෙයින් පසු රජුගේ ගොත ගසන රෝගය සුව වූ බව කියති. දේවාලය වැඳපුදා ගැනීමට අලුත් නුවරට පැමිණෙන බැතිමතුන් හා මග ගමන්කරන්නන් සඳහා ගිරිවස සුනේත්‍රා දේවිය විසින් “ගිරැවා අම්බලම* ඉදිකර ඇත. මෙම අම්බලම ඉදිකිරීමට හේතු වූ කාරණාව ලෙස ජනප්‍රවාදයේ සඳහන් වන්නේ මෙම කථා පුවතයි.
මෙම ගිරැවා අම්බලම වාස්තු විද්‍යාත්මක අතින් ඉතා වැදගත් වූවකි. ගල්කණු 16 ක් මත ගොඩනංවා ඇත. දැව තට්ටු දෙකක් මත වහල ගසා ඇත. මෙම ගල් කණු පළමු බුවනකබා රජුගේ කාලයට අයත් බව විශ්වාස කරයි.
සටහන - උපේක්ෂා මුණවීර
ඡායාරෑප - රැෂිරැ තරංග
Reply To:
Name - Reply Comment
0 Comments