වැස්ස වහිනවා
- 2020-02-27 09:45:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වලාකුළේ රන් පාටට විදුලි කොටනවා
ආකාසේ හඬ තලමින් අකුණු ගහනවා
පුංචි පුංචි වැහි බිඳු ටික පොළොව සිඹිනවා
හෝ ගාමින් අපේ ගමට වැස්සක් එනවා
අපේ මිදුල ගඟක් වෙලා වතුර ගලනවා
පුංචි පුංචි කූඹි පැටවු පාවී යනවා
ඒක දැකපු මගේ හිතට දුකක් දැනෙනවා
කඩදහි ඔරැවෙන් ඇවිත් බේර ගන්නවා
හෙමින් හෙමින් ඉර මාමා එබී බලනවා
හෝ ගාමින් වැහැපු වැස්ස අඩුවී යනවා
කළු පාටින් තිබුණු වලා පාවී යනවා
මෙන්න ආයෙ අපේ ගමට අව්ව වැටෙනවා
අමෝද්‍යා සිතුමිණි අබේරත්න
5 ශ්‍රේණිය,
කෑ/ මාව සුජාතා විද්‍යාලය, කෑගල්ල.
Reply To:
Name - Reply Comment
0 Comments