නාසා අභ්‍යවකාශ යානය බ්‍රහස්පතිට ළංවෙයි
- 2016-07-11 21:00:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නාසා ආයතනය බ්‍රහස්පති ග්‍රහයා වෙත යැවූ ජූනෝ අභ්‍යවකාශ යානය මේ වන විට බ්‍රහස්පතිගේ කක්ෂයට ළඟාවී ඇතැයි නාසා විද්‍යාඥයෝ කියති.
බ්‍රහස්පති ග්‍රහයාගේ ගුරුත්වාකර්ෂණය සම්බන්ධයෙන් තොරතුරු සෙවීමට මෙය අභ්‍යාවකාශගත කැරිණි.
සැතපුම් බිලියන 1.7ක් දුරින්වූ බ්‍රහස්පති වෙත වසර පහකට පෙර ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා හිදී අභ්‍යවකාශගත කළ යානය සාර්ථකව බ්‍රහස්පතිගේ කක්ෂයට ළඟාවීම පිළිබඳව නාසා ආයතනය සිය සතුට පළ කරයි.
කැලිෆෝනියාවේ පාසාදිනාහී නාසා ගුවන් පාලක මැදිරියේ ජෙට් ප්‍රචාලන රසායනාගාරයේ සිට පාලනය වන අතරම දීර්ඝවූ රාත්‍රීන් මතින් ඔවුහු මෙම යානය පරීක්ෂණ ධාරාවන් යෝධ ගෑස් වස්තුව දෙසට ශබ්ද වේග 200 වාරයක් ඔස්සේ ළඟා කරයි. ජූනෝ යානය ඇමරිකා වේලාවෙන් පස්වරු 11.53ට බ්‍රහස්පතිගේ කක්ෂයට පිවිසියේය.
ජූනෝ නම රෝම ජන කතා ඇසුරින් යොදා ඇති අතර රෝම ජනකතා අනුව ජූනෝ යනු බ්‍රහස්පතිගේ බිරිඳයි. එය බ්‍රහස්පතිගේ කක්ෂය වටා 32 වාරයක් ගමන් කරනු ඇති බවත් බ්‍රහස්පතිගේ උත්තර ධ්‍රැවයේ සිට දක්ෂිණ ධ්‍රැවය අතර ගමන් කිරීමට වසරක් පමණ ගතවනු ඇතැයිද කියති. මෙම යානයේ උපකාරයෙන් අපගේ සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳවත් නව තොරතුරු සොයා ගැනීමට හැකිවන බව නාසා විද්‍යාඥයෝ කියති.
ජූනෝ යානය බ්‍රහස්පති මත හරියටම ස්ථානගත වීමෙන් පසු අධික උණුසුමක් හෝ දැල්ලක් හටගන්නා බවත් නියමිත වේලාවට අනුව එහි එන්ජිම විනාඩි 35කදී ගිනි ගන්නා බවද එසේ වීමට හේතුව බ්‍රහස්පතිගේ ගුරුත්ව ශක්තිය බවද විද්‍යාඥයෝ පෙන්වා දෙති.(ලංකාදීප)
Reply To:
Name - Reply Comment
0 Comments