අභ්‍යවකාශ ගුවන් යානයේ අටවැනි මෙහෙයුම ඇරඹේ
- 2025-09-02 12:10:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඇමෙරිකන් හමුදාව, නාසා ආයතනය සමඟ එක් වී අභ්‍යවකාශ ගුවන් යානයක් නිපදවා ඇත. මෙය නියමුවන් රහිත යානයකි. X-37B යන නමින් හැඳින්වෙන මෙම යානය, මීට වසර ගණනාවකට පෙර, නාසා ආයතනය භාවිතයට ගත් අභ්‍යවකාශ ෂටලයකට සමානය.
පෘථිවි කක්ෂයේ දීර්ඝ කාලයක් රැඳීසිටීමට මෙම යානයට හැකියාව ඇත. මෙය පෘථිවි කක්ෂයට රැගෙන යෑම සිදුවන්නේ, රොකට්ටුවක ආධාරයෙනි. පසුගිය දා X-37B යානයේ අටවැනි මෙහෙයුම ආරම්භ විය. ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට X-37B පෘථිවි කක්ෂයට රැගෙන යෑම සිදුවූයේ ස්පේස් එක්ස් ෆෝල්කන් 9 රොකට්ටුවකිනි.
පෘථිවි කක්ෂයේ දීර්ඝ කාලයක් රැඳී සිටීමටත්, ඉන්පසු සාමාන්‍ය ගුවන් යානයක් මෙන් පහළට පැමිණ ගුවන් පථයකට ගොඩබෑමටත් X-37B යානයට හැකිවෙයි. මේ වනවිට X-37B යානය ප්‍රධාන වශයෙන්ම භාවෙිතයට ගැනෙන්නේ, අභ්‍යවකාශයේ තාක්ෂණික අත්හදා බැලීම් සඳහාය.
ලුසිත ජයමාන්න
NASA ඇසුරිනි
Reply To:
Name - Reply Comment
0 Comments