Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දෙවන ලෝක යුද්ධයේ දී ජපානය පරාජය කර වසර 80 ක් නිමිත්තෙන්, චීනය මහා පරිමාණයේ හමුදා පෙළපාළියක් පසුගිය දා පැවැත්වීය. එය එසේ මෙසේ හමුදා පෙළපාළියක් නොවීය. ඇමෙරිකාව පවා තැති ගැන්වීමට හමුදා පෙළපාළිය සමත් විය. චීනය අති නවීන තාක්ෂණය භාවිතයට ගනිමින් ඔවුන්ගේ යුද ශක්තිය ලොවට පෙන්වූයේ මහත් ආඩම්බරයෙනි. ඒ අතරින් කැපී පෙණුනේ සොල්දාදුවන් වෙනුවෙන් නිර්මාණය කළ අපූරු හෙල්මට්ටුවය.

හෙඩ්සෙට් එකකින් ද සමන්විත මෙම හෙල්මට්ටුව පලඳින සොල්දාදුවන්ට, එම හෙල්මට්ටුව ආධාරයෙන් ඩ්‍රෝන යානා පමණක් නොව, යුද ටැංකි පවා හැසිරවීම කළ හැකිය. අංශක 360 දර්ශනයක් සහිත මෙම හෙල්මට්ටුව හරහා එක්ස්රේ ක්‍රමයට ද දසුන් නැරඹිය හැකිය.

සොල්දාදුවන්ට ඔවුන්ගේ දිවි රැක ගනිමින්, ඉතා නිවැරදි ආකාරයට සතුරු ඉලක්ක අඩපණ කිරීම මෙම හෙල්මට්ටුවේ අරමුණ වෙයි. චීන හමුදාවට අයත් සියලුම ​යුධෝපාකරණ යන්ත්‍රවලට කැමරා සවි කර ඇති අතර, හෙල්මට්ටුව හරහා එම යුධෝපාකරණ මෙහෙයවීම කළ හැකි වෙයි. සියල්ල සිදුවන්නේ, හමුදා මෙ​හෙයුම් පපාලන මධ්‍යස්ථානය සහ චීන හමුදා චන්ද්‍රිකා එකිනෙක සම්බන්ධ වෙමිනි.

‘යුද්ධයේ දී මෙවැනි හෙල්මට්ටුවකින් සැරසුණු එක් සොල්දාදුවකුට, එකම වෙලාවට යුද ටැංකියක්, සන්නද්ධ රථයක් හෝ ඩ්‍රෝන යානයක් මෙහෙයවීම කරන්න පුළුවන්. ප්‍රහාරයක් එල්ල කිරීම කළ හැකියි. ඒ සොල්දාදුවාගේ මුහුණ හඳුනාගෙන ඒ අනුව හෙල්මට්ටුව පණ ගැන්වෙයි. පිටස්තර අයකුට හෙල්මට්ටුව භාවිතයට ගැනීම කරන්න බැහැ.’ යැයි චීන හමුදාව පැහැදිලි කර තිබේ. මෙවැනි හෙල්මට්ටුවක් හඳුන්වා දුන් පළමු රට ලෙස සැලකෙන්නේ ද චීනයයි. මිසයිල, උණ්ඩ ආදිය ගැන විස්තර ද හෙල්මට්ටුව හරහා සෙබළුන්ට ලැබීම සිදුවෙයි.

චීනය සතු ‘සඩ්ටීසෙඩ් 201’ වර්ගයේ යුද ටැංකි පහසුවෙන් හැසිරවීමට  හෙල්මට්ටුවට හැකි බව එය ප්‍රදර්ශනය කරමින් චීන හමුදාව පැවසීය. අව්ව, වැස්ස නොතකා යුද පිටියේ දී, නාගරික පරිසරයකදී, දිවා කාලයේ දී පමණක් නොව රාත්‍රී කාලයේදීත් හෙල්මට්ටුව ආධාරයෙන් මෙහෙයුම්වල නියැලීමට සොල්දාදුවන්ට හැකියාව ලැබේ. මෙම තාක්ෂණය තවත් දියුණු කිරීමට චීන හමුදාව මේ වනවිටත් කටයුතු කරන බව වාර්තා වේ.

ලුසිත ජයමාන්න

චීන මාධ්‍ය ඇසුරිනි

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.