Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව කාන්පූර්හි ග්‍රීන් ක්‍රීඩාංගණයේදී අද (29 වැනිදා) පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 6 ක තියුණු ජයක් අත්කරගත් ඉන්දීය ක්‍රීඩකයෝ තරග 3 කින් සමන්විත වූ තරගාවලිය 2-1 ක් ජය ගැනීමටද සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 338 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායමට ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 331 ක් පමණි. එහිදී පිතිකරුවන් තිදෙනෙක් අර්ධ ශතක ලබාගැනීමට සමත් වුවද, නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට ඔවුහු අසමත් වූහ.

ආරම්භක පිතිකරු කොලින් මුන්රෝ පන්දු 62 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 75 ක් රැස්කරමින් නවසීලන්ත කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන්නේය. නායක කේන් විලියම්සන් (64) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 115 කදී ලකුණු 109 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද මුන්රෝ සමත් වූ අතර පන්දු 84 කදී වාර්තා වූ විලියම්සන්ගේ අර්ධ ශතකයට හතරේ පහර 8 ක් ඇතුළත් විය.

ඕවර 24 ක් නිමාවන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 153 ක් ලබා ප්‍රබල තත්ත්වයක පසු විය. එහෙත් ලකුණු පුවරුවට තවත් ලකුණු 15 ක් එක්වන විට මුන්රෝ සහ විලියම්සන් පිටියෙන් ඉවත් කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම පීඩනයට පත්කිරීමට යුස්වින්දර් චාහල් සමත් විය.

ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ ටොම් ලේතම් පන්දු 52 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 65 ක් රැස්කරමින් නවසීලන්ත ඉනිමට නව ජවයක් එක් කළේය. රොස් ටේලර් (39) සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 69 කදී ලකුණු 79 ක් සහ හෙන්රි නිකලස් (37) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කදී ලකුණු 59 ක් එක් කිරීමට ලේතම් සමත් වූවද, නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට තරම් එම සම්බන්ධතා ප්‍රමාණවත් නොවීය.

තරගයේ අවසන් ඕවර කිහිපයේදී නවසීලන්ත පිතිකරුවන් අසරණ තත්ත්වයකට ඇද දැමූ ජස්ප්‍රීත් බුම්රා ලකුණු 47 කට කඩුලු 3 ක් දවාගත් අතර තීරණාත්මක සම්බන්ධතාවක් බිඳ දමමින් ලකුණු 47 කට කඩුලු 2 ක්ද දවාගත් යුස්වින්දර් චාහල් ඉන්දීය කණ්ඩායම දිනවීම සඳහා බුම්රාට අනගි සහායන් දුන්නේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ශතක ලබාගැනීමට රෝහිත් ශර්මා (147) සහ නායක විරාට් කෝලි (113) සමත් වූහ. පන්දු 138 කදී වාර්තා වූ ශර්මාගේ 15 වැනි එක්දින ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 18 කින් සමන්විත වූ අතර පන්දු 106 කදී වාර්තා වූ කෝලිගේ 32 වැනි එක්දින ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 9 කින් සමන්විත විය.

ඉන්දීය ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 211 කදී ලකුණු 230 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ශර්මා සහ කෝලි සමත් වූහ. මිචෙල් සෑන්ටර්ගේ පන්දුවක් හමුවේ ටිම් සවුති අතට උඩ පන්දුවක් දෙමින් ශර්මා දැවී ගිය අතර කෝලි දැවී ගියේ ටිම් සවුතිගේ පන්දුවක් හමුවේ කේන් විලියම්සන් අතට උඩ පන්දුවක් දෙමිනි.
මිචෙල් සෑන්ට්නර්, ඇඩම් මිලන් සහ ටිම් සවුති නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වූහ.


ඉන්දියාව - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 337
(රෝහිත් ශර්මා 147, ශිකර් ධවාන් 14, විරාට් කෝලි 113, මහේන්ද්‍ර සිං දෝනි 25, කේදර් ජාදව් 18, මිචෙල් සෑන්ට්නර් 58/2, ඇඩම් මිලන් 64/2,  ටිම් සවුති 66/2)

නවසීලන්තය - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 331
(කොලින් මුන්රෝ 75, කේන් විලියම්සන් 64, රොස් ටේලර් 39, ටොම් ලේතම් 65, හෙන්රි නිකලස් 37, ජස්ප්‍රීත් බුම්රා 47/3, යුස්වින්දර් චාහල් 47/2)

(ලංකාදීප ඇසුරිනි)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.