ටෙස්ට් ශුරතාවලියෙන් කාසියේ වාසිය උරගා බැලීම ඉවත් කිරීමට සාකච්ඡා
- 2018-05-17 14:40:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ටෙස්ට් ශූරතාවලිය වෙනුවෙන් පැවැත්වෙන තරගවලදී කාසියේ වාසිය උරගා බැලීම තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන්නේද නැත්ද පිළිබඳව අයි.සී.සී. ක්‍රිකට් කමිටුවේ අවධානය යොමුව තිබේ.
ටෙස්ට් තරගයක සත්කාරකත්වය දරන කණ්ඩායමට පිටියේ වාසිය ලබාගැනීමට ඇති අවස්ථාව අවම කිරීම මේ හරහා බලාපොරොත්තු වේ.
1877 වසරේදී එංගලන්ත කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර එම්.සී.ජී. පිටියේ පැවැති පළමු ටෙස්ට් තරගයේ පටන් කාසියේ වාසිය උරගා බැලීම සිදුකරයි. මෙහිදී සිදුවෙන්නේ සත්කාරත්වය දරන කණ්ඩායමේ නායකයා කාසිය උඩදැමීමත්, සංචාරක කණ්ඩායෙමේ නායකයාට කාසියේ වාසිය ඉල්ලීමට අවස්ථාව ලබාදීමත්ය.
කෙසේ වෙතත් සත්කාරක රට තමන්ට ගැළපෙන ආකාරයකට පිටියේ තත්ත්වයන් වෙනස් කරන බවට මතයක් පවතින අතර, ඒ හරහා කාසියේ වාසිය තීරණාත්මක නොවන සාධකයන් බවට පත්ව ඇති බවටද මතයක් තිබේ.
ඒ අනුව ටෙස්ට් ශූරතාවලිය වෙනුවෙන් පැවැත්වෙන තරගවලදී කාසියේ වාසිය වෙනුවට සංචාරක කණ්ඩායමට මුලින්ම පන්දුවට පහර දෙන්නේද නැත්නම් මුලින්ම පන්දු යවන්නේද යන්න පිළිබඳව තීරණය කිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳව මේ වන විට යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.
එය 2019 වසරේ එංගලන්ත කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර එංගලන්තයේදී පැවැත්වීමට නියමිත අළු බඳුන ටෙස්ට් තරගාවලියේ සිට ක්‍රියාත්මක කිරීමටද අවධානය යොමුව ඇත.
කෙසේ වෙතත් මේ මස අවසානයේදි මුම්බායිහි පැවැත්වීමට නියමිත අයි.සී.සී. ක්‍රිකට් කමිටු සාකච්ඡාවේදී මේ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිතය. අයි.සී.සී. ක්‍රිකට් කමිටුවට හිටපු ක්‍රීඩකයන් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධනද එක්වන අතර, තරග තීරකයන් නියෝජනය කරමින් රංජන් මඩුගල්ලේ එක්වෙයි. එහි සභාපති ලෙස අනිල් කුම්බ්ලේ කටයුතු කරන අතර, 15 දෙනෙකුගෙන් කමිටුව සමන්විත වේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments