’නිපන්දු’ තාක්‍ෂණය කාන්තා ලෝක කුසලානයටත්
- 2020-02-12 15:56:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉදිරිපාදයේ නිපන්දු නිරීක්‍ෂණය කිරීම සඳහා තෙවැනි විනිසුරුට අවස්ථාව ලබාදීමට අයි.සී.සී.ය තීරණය කර ඇත.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) විසින් ප්‍රධාන පෙළේ තරගාවලියකට මෙම තාක්‍ෂණය යොදාගන්නා පළමු අවස්ථාව මෙය වෙයි.
ඉදිරිපාදයේ නිපන්දු සඳහා තෙවැනි විනිසුරුගේ සහාය ලබාගැනීමේ මෙම ක්‍රමය මේ වනවිටත් ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා අත්හදා බලා ඇති අතර, එහි ඇති සාර්ථකත්වය හේතුවෙන් අයි.සී.සී.ය එළඹෙන කාන්තා විස්සයි20 ලෝක කුසලානයට එම අවස්ථාව යොදාගැනීමට තීරණය කර ඇත.
ඒ අනුව කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී පන්දු යවන්නියන් යොමුකරන සෑම පන්දුවක්ව තෙවැනි විනිසුරුගේ අධීක්‍ෂණයට ලක්වනු ඇත. මෙමගින් පිටියේ විනිසුරුට නිපන්දු බවට නිවැරදිව හඳුනාගත නොහැකි අවස්ථාවන්හිදී තෙවැනි විනිසුරුගෙන් විශේෂ විමසීමක් කිරීම අවශ්‍ය නොවන අතර, අදාළ මොහොතේදීම එම පන්දුවේ නිවැරදි බව තෙවැනි විනිසුරු දැනුම්දෙනු ඇත.කෙසේ නමුත් ඉදිරිපාදයේ නොවන අනෙකුත් සෑම නිපන්දුවක්ම සටහන් කිරීමේ වගකීම පිටියේ විනිසුරුට හිමිවේ.
මෙම නිපන්දු තෙවැනි විනිසුරුගෙන් අත්හදා බැලීම පළමුවරට සිදුවූයේ පසුගිය දෙසැම්බර් මස ඉන්දු - බ.ඉ. කොදෙව් තරගාවලියේදීය. අයි.සී.සී. වාර්තා අනුව එම තරගාවලියේ සිට මේ දක්වා නිපන්දු නිරීක්‍ෂණය, අත්හදා බැලීම තරග 12කදී යොදාගෙන ඇති අතර, එහිදී පන්දු 4,717ක් අධීක්‍ෂණය කර ඇත.
07 වැනි වරට පැවැත්වෙන අයි.සී.සී. විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10ක සහභාගිත්වයෙන් මේ මස 21 වැනිදා ඔස්ට්‍රේලියාවේදී ආරම්භවේ.
Reply To:
Name - Reply Comment
0 Comments