Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ආජන්ටිනාවේදී දැන් පැවැත්වෙන තෙවැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 2000 බාධක දිවීමේ කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට පාරමී වසන්ති මාරිස්ටෙලා සමත් වූවාය. මෙය ශ්‍රී ලංකාව යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී දිනාගත් පළමු පදක්කම වීම කැපී පෙනේ. එම ඉසව්වේ අවසන් තරගය වූ කිලෝමීටර 4 ක රට හරහා දිවීමේ තරගය අද (15) පස්වරුවේ පැවැති අතර එහිදී පාරමි 17 වැනි ස්ථානයට පත්වූවාය. ඇය එහිදී විනාඩි 13.47 ක කාලයක් වාර්තා කළාය.

පාරමි මෙහි මූලික වටයේ තරගයේදී තෙවැනි ස්ථානය හිමිකරගැනීමට සමත් වූවාය. මෙම ඉසව්ව නිම කිරීම සඳහා පාරමි විනාඩි 6:33.06 කාලයක් වාර්තා කළ අතර එම කාලය ඇයගේ තරග දිවියේ හොඳම කාලය ලෙසද සටහන් වේ.  ඉසව්වේ පළමු හා දෙවැනි ස්ථාන පිළිවෙලින් කෙන්නියානු හා ඉතියෝපියානු ක්‍රිඩිකාවෝ දිනාගත්හ.  එම තරග දෙකේ කාලයේ එකතුව අනුව පාරමි සිවුවැනි ස්ථානයට පත්වූ අතර සමස්ත තෙවැනි ස්ථානයට පත්වූ ක්‍රීඩිකාව පළමු තරගයේදී අටවැනි ස්ථානයට පත්වීම සිටීම නිසා පාරමීට ලෝකඩ පදක්කම හිමිවූවාය. පාරමී කුලියාපිටිය මැදි මහ විදුහලේ ක්‍රීඩිකාවකි.

Update-2018 ඔක් 21 වන ඉරිදා

පාරමීට නිවාස දෙකක්

ආජන්ටිනාවේ පැවැති තුන්වන යොවුන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ දී ලෝකඩ පදක්කමක් හිමිකර ගනිමින් ශී‍්‍ර ලංකාවට කීර්තියක් ගෙන දුන් පාරමී වසන්ති මාරිස්ටෙලා ක‍්‍රීඩිකාවට නිවාස දෙකක් පිරිනැමීමට රජය කටයුතු යොදාගෙන යන බව වාරිමාර්ග, ජලකළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ලංකාදීපයට පැවැසීය.

එහි පළමු නිවස ලබන 30 දා කරුවලගස්වැව නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයේදී ඇයට බාර දීමට කටයුතු කරන බවත් ඇයගේ පුහුණු කටයුතු පහසුවෙන් කරගැනීම සඳහා කොළඹ රැඳී සිටීම පිණිස අනෙක් නිවස කොළඹින් ලබාදෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

නිවාස අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බව පැවසූ අමාත්‍යවරයා මෙම පහසුකම් වලට අමතරව ඇය දැනට ජිවත් වන හලාවත, ඉරණවිල පිහිටි නිවස දින 10 ක් ඇතුලත රජයේ වියදමින් අලූත්වැඩියා කර දීමටද රජය තීරණය කළ බව ප‍්‍රකාශ කළේය.

මේ පණිවිඩය රැගෙන වාරිමාර්ග, ජලකලමනාකරණ හා අපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා  අද (21) පෙරවරුවේම ඇය පදිංචි ඉරණවිල නිවසට පැමිණියේය. මේ අවස්ථාවට නිවාස සංවර්ධන අධිකාරියේ පුත්තලම දිස්ත‍්‍රික්කයේ නිලධාරින්ද එක්ව සිටියහ.

ඇය තවත් අභීයෝගයකට මුහුණ දී සිටින බවද මෙහිදී අනාවරණ වී යැයි පැවසූ රංගේ බණ්ඩාර මහතා දෙමාපියන්ගේ ආර්ථික දුෂ්කරතාව ඇගේ ගමනට ඇති බලවත්ම බාධාව බවත්, එයට විසදුමක් ලෙස පාරමී මාරිස්ටෙලා දැරියගේ අධ්‍යාපන කටයුතු හා කී‍්‍රඩා කටයුතු වෙනුවෙන් පුළුල් දායකත්වයක් ලබා දිය යුතු බවත් පැවසීය. ඒ සඳහා අගමැතිවරයා හා අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡා කර ස්ථිර විසඳුමක් ලබා දීමට පියවර ගන්නා බවත් අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේය.

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.