රාජකීයයන්ට පළමු අදියරේදී පහසු ජයක්
- 2019-06-03 11:30:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහනුවර ත්‍රිත්ව විදුහල පරදා 75 වැනි බ්‍රැඩ්බි පළිහ වෙනුවෙන් පැවැති රග්බි තරගයේ පළමු අදියරෙන් ලකුණු 34-17ක ජයක් හිමි කර ගැනීමට කොළඹ රාජකීය විදුහල සමත් විය. මෙම තරගය පෙරේදා (01දා) මහනුවර පල්ලෙකැලේ ත්‍රිත්ව විදුහල් පිටියේදී පැවැත්විණි.
තරගයේ පළමු අර්ධය ඉතා තියුණු ස්වභාවයක් ගත් අතර රාජකීයන්ට යම් පීඩනයක් එල්ල කිරීමට එහිදී ත්‍රිත්ව ක්‍රීඩකයෝ සමත් වූහ. කෙසේ වෙතත් එම අර්ධය අවසන් වන විට රාජකීයයෝ ලකුණු 15 -12 ක් ලෙසින් ඉදිරියෙන් සිටියහ.
දෙවැනි අර්ධය ආරම්භයෙන් මිනිත්තු 06 ක් ගත වෙද්දී උත්සාහක දිනුමක් වාර්තා කරමින් ත්‍රිත්ව ක්‍රීඩකයින් ලකුණු 17-15 ක් ලෙස ඉදිරියට පැමිණියහ. කෙසේ වෙතත් ඉන් අනතුරුව ඉතා දක්ෂ ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ රාජකීයයන් තවත් ලකුණු 21ක් එකපිට රැස් කළේ ප්‍රතිවාදී ත්‍රිත්ව ක්‍රීඩකයින්ට කිසිදු ලකුණක් රැස් කිරීමට ඉඩක් නොතබමිනි.
ජයග්‍රාහී රාජකීය ක්‍රීඩකයෝ ගෝල දිනුම් 03ක්, උත්සාහක දිනුම් දෙකක් හා දඬුවම් පහරක් ආධාරයෙන් ලකුණු රැස් කළ අතර ත්‍රිත්ව ක්‍රීඩකයින් සාර්ථක කර ගත්තේ ගෝල දිනුමක් හා උත්සාහක දිනුම් දෙකක් පමණි.
මෙම තරගය අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ කුසලාන අදියරට සමගාමීව පැවැත්විණ. බ්‍රැඩ්බි ශූරතාවයේ දෙවැනි අදියර එළඹෙන ජූනි 15 වැනිදා කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණ පිටියේදී පැවැත්වේ.
Reply To:
Name - Reply Comment
0 Comments