Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පාකිස්තාන කණ්ඩායමට එරෙහිව වෙලින්ටන්හිදී අද (22 වැනිදා) පැවැති පළමු විස්සයි විස්ස තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් අත්කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද නවසීලන්තයට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 106 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත ක්‍රීඩකයෝ ඕවර 15.5 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. කොලින් මුන්රෝ (නොදැවී 49) සහ රොස් ටේලර් (නොදැවී 22) එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 36 කදී ලකුණු 49 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

පන්දු 43 කට මුහුණදුන් මුන්රෝ හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින් සිය ඉනිම අලංකාර කළ අතර පන්දු 13 කදී වාර්තා වූ ටේලර්ගේ ඉනිම හතරේ පහර 3 කින් සමන්විත විය. ටොම් බෘෂ් පන්දු 22 කදී ලකුණු 26 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ඕවර 19.4 ක් අවසානයේ ලකුණු 105 කට සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. දක්ෂ පන්දු යැවීමක නිරත වූ නායක ටිම් සවුති සහ සෙත් රේන්ස් කඩුලු 3 බැගින් දවාගනිමින් පාකිස්තාන ඉනිම සුනුවිසුණු කර දැමූ අතර ඔවුන්ට අනගි සහායක් දුන් මිචෙල් සෑන්ට්නර් කඩුලු 2 ක් දවාගත්තේය.

පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ බාබර් අසාම් පන්දු 41 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 41 ක් රැස්කළේය. පිතිකරුවන් 8 දෙනෙක්ම ලකුණු 10 සීමාව පසුකර යෑමට පෙර දැවීයෑම දැවී යෑම පාකිස්තාන කණ්ඩායමට විශාල පාඩුවක් විය.

පාකිස්තානය - ඕවර 19.4 කදී කඩුලු 10 ක් දැවී 105
(බාබර් අසාම් 41, හසන් අලී 23, ටිම් සවුති 13/3, සෙත් රේන්ස් 26/3, මිචෙල් සෑන්ට්නර් 15/2)

නවසීලන්තය - ඕවර 15.5 කදී කඩුලු 3 ක් දැවී 106
(කොලින් මුන්රෝ නොදැවී 46, ටොම් බෘස් 26, රොස් ටේලර් නොදැවී 22, රුම්මාන් රායිස් 24/3)

(ලංකාදීප ඇසුරිනි)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.