සිවුදින ටෙස්ට් තරග සඳහා මහේලගේ විරෝධය
- 2020-01-09 14:38:57
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දින පහක ටෙස්ට් තරග ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මෙන්ම ජාතයන්තර ක්‍රිකට් කවුන්සිලසේ ක්‍රිකට් කමිටු සාමාජික මහේල ජයවර්ධන පවසයි.
මේ වන විට දින හතරක ටෙස්ට් තරග පැවැත්වීම පිළිබඳවය අවධානය යොමුව ඇති අතර ඉන්දියාවේ අනිල් කුම්බ්ලේගේ සභාපතිත්වයෙන් යුතු ක්‍රිකට් කමිටුව නැවත වරක් එළැඹෙන මාර්තු 27-31 කාලයේදී ඩුබායි හි රැස්වී මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
මහේල පවසන්නේ මේ වන විට පවතින ටෙස්ට් ආකෘතිය වෙනස් කිරීමට තමා පෞද්ගලිකව විරුද්ධ බවයි.
“අපි එය රැස්වීමේදී සාකච්ඡා කරනවා. ඉන් පසුව කුමක් සිදුවේදැයි මම දන්නේ නෑ. නමුත් මගේ පෞද්ගලික මතය නම් එය දින පහක් පැවතිය යුතුයි යන්නයි. මට කිසිදු වෙනසක් අවශ්‍ය නෑ” යැයි ඔහු පවසයි.
Reply To:
Name - Reply Comment
0 Comments