Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය මෙවර නිමාවූයේ පෙර නොවූ විරූ මතකයන් රැසක් ක්‍රිකට් ලෝකයට එක් කරමිනි. ඒ අතරින් අවසන් මහා තරගය බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වූ තරගයක් විය.

සත්කාරක එංගලන්තය හා නවසීලන්තය අතර පැවති එම තරගයේදී කණ්ඩායම් දෙකම සමලකුණු (ලකුණු 241) රැස් කිරීමට සමත් වූ අතර, ඒ හේතුවෙන් සුපිරි පන්දු වාරය දක්වා තරගය දිගහැරුණි. කෙසේ නමුත් බලාපොරොත්තු නොවූ පරිදි එම සුපිරි පන්දු වාරයේදී කණ්ඩායම් දෙකම සම ලකුණු (ලකුණු 15) රැස් කළේ තරගයේ විසඳුමක් ගැනීම තවදුරටත් ප්‍රමාද කරමිනි.

මේ හේතුවෙන් එතෙක් පැවැති තරග නීති අනුව ජයග්‍රාහකයා තීරණය කෙරුණේ අදාළ තරගයේ කණ්ඩායම් දෙකම වාර්තා කළ හතරේ හා හයේ පහර වැඩිම එල්ල කර තිබූ කණ්ඩායම සැලකිල්ලට ගනිමිනි. ඒ අනුව වැඩිම සංඛ්‍යාවක් එල්ල කර තිබූ එංගලන්තයට ලෝක ශූරයන් ලෙස කිරුළු පැළඳීමට අවස්ථාව උදාවිය.

කෙසේ නමුත් මෙම සිදුවීමත් සමග අදාළ නීතියේ අඩුපාඩුකම් කරළියට පැමිණියේය. බොහෝ දෙනෙකු අතර එම අඩුපාඩු ගැන කතාබහක් ඇති විය.

මේ හේතුවෙන් පෙරේදා (14දා) ඩුබායිහිදී රැස්වුණු අයි.සී.සී. කමිටු ප්‍රධානින් තීරණය කළේ, මින් ඉදිරියට පැවැත්වෙන තරගාවලිහිදී ලකුණු සම වී සුපිරි පන්දුවාරයේදීද, ලකුණු සමවුවහොත් ජයග්‍රාහකයා තීරණය වෙන තෙක් සුපිරි පන්දුවාරයන් ක්‍රීඩා කිරීමටය.

කෙසේ නමුත් මෙම නව නීතිය ක්‍රියාත්මක කළ හැක්කේ විස්සයි20 හෝ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියන්හි අවසන් පූර්ව තරග සහ අවසන් තරගයේදී (පිළිමළුන් පිටුදැකීමේ වටවලදී) වේ. මූලික වටයේ තරගවලදී සුපිරි පන්දුවාරයද ලකුණු සමවීමකින් අවසන් වුවහොත් එම තරග ලකුණු සම වීමෙන් අවසන් වූ තරග ලෙස සලක ජය පරාජයකින් තොරව නිමා වූවා සේ සලකයි.

විශ්ව මුදියන්සේ

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.