16 හැවිරිදි ඉන්දීය කොලුවා ලෝක චෙස් ශූරයා පරදවයි
- 2022-02-23 13:12:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දීය ජාතික දහසය හැවිරිදි රමේෂ්බාබු ප්‍රඤ්ඤානන්දා නමැති නව යොවුන් වියේ කොලු ගැටයා විසින්, ලෝක චෙස් ශූර මැග්නස් කාල්සන්ව මවිතයට පත්කරනු ලැබුවේ, එයාර්තිංග්ස් මාස්ටර්ස් චෙස් තරගාවලියේදී ලොව අංක 1 ක්‍රීඩකයා අභිභවමිනි.
ප්‍රාග් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන ප්‍රඤ්ඤානන්දා, තම වයස සහ ඔහුගේ අත්දැකීම් නොසලකමින්, කාල්සන් ඉදිරියේ සුවිශේෂී තරග විලාශයක් පෙන්වා තිබේ.
එහිදී පස් වතාවක් ලෝක ශූරයා වූ කාල්සන් නැවත ක්‍රීඩාවට පිවිසීමට සටන් කළද, ප්‍රාග් ඔහුට විවෘත කිරීමක් ලබා නොදුන් අතර, අවසානයේ වේගවත් චෙස් තරගාවලියේ සුවිශේෂී ජයග්‍රහණයක් ලබා ගත්තේය.
ජයග්‍රහණය ස්ථිර බව පෙනී ගියවිට, ප්‍රාග් මවිතයෙන් යුතුව සිය කට වසා ගත් විට ජයග්‍රහණය උදා වූ බව පෙනී ගියේය.
එය ලෝක ශූර කාල්සන්ට එරෙහිව ප්‍රාග් ලැබූ පළමු වැනි ජයග්‍රහණය වූ අතර, 2013 වසරේදී ලෝක ශූරයා වීමෙන් පසු සුපිරි ක්‍රීඩක කාල්සන්ව පරාජයට පත්කළ ලාබාලතම ක්‍රීඩකයා බවටද ඔහු පත්විය.
"මම ගොඩක් සතුටුයි," ජයග්‍රහණයෙන් පසුව ප්‍රාග් පැවසීය. ජයග්‍රහණය සැමරීමට යන්නේ කෙසේදැයි ඇසූවිට ඔහු කියා සිටියේ, "අලුයම 2.30 ට රෑ කෑම කන්නෙ නැති නිසා නිදාගන්න වෙලාව හරි. දැන් මම හිතන්නේ නින්දට යාම ගැන පමණයි." ඔහු බොහොම සරල පිළිතුරක් ලබාදුන්නේය.
Reply To:
Name - Reply Comment
0 Comments