ඉන්දියාව පැරදූ කැංගරුවෝ ලෝක ටෙස්ට් ශූරතාව දිනති
- 2023-06-11 19:21:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් ලෝක ටෙස්ට් ශූරතාව ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය. එංගලන්තයේ ඕවල් පිටියේ පැවැති තරගයේ ලකුණු 444ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 234ක් පමණි.
මුලින්ම පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුනු 469ක් රැස්කළ අතර එයට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායම ලකුණු 296ක් රැස් කළේය.
නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 8ට ලකුණු 270ක් රැස්කරමින් ඉනිම අත්හිටුවීය.
ඒ අනුව ඉන්දියාවට ලකුණු 444ක ඉලක්කය් හිමිවූ අතර ඔවුන්ට සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 234ක් පමණි.
තරගයේ වීරයා ලෙස ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පළමු ඉනිමේදී ලකුණු 163ක් රැස්කළ ට්‍රැවිස් හෙඩ් සම්මාන ලැබීය.
Reply To:
Name - Reply Comment
0 Comments