Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

වසර 38කට පසුව අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල් ක්‍රීඩකයෝ සමත් වූහ. ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධාන කරන තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදී මේ දක්වා අපරාජිතයන් ලෙස පෙරට පැමිණෙමින් ත්‍රිත්ව විදුහල් පිල ශූරතාව අත්කර ගැනීම කැපී පෙනෙයි. මෙය ඔවුන් දිනාගත් දෙවැනි ලීග් ශූරතාව වන අතර, පළමු වරට 1987 වසරේ ටිරෙල් රාජපක්ෂගේ නායකත්වය යටතේ ත්‍රිත්ව විදු­හල පාසල් ලීග් රග්බි ශූර­තාව දිනාගෙන තිබිණි.

කුසලාන වටය යටතේ පෙරේදා මහනුවර ත්‍රිත්ව විදුහල් පිටියේ පැවති කොළඹ වෙස්ලි විදුහලට එරෙහි තීරණාත්මක තරගය තියුණු සටනකින් අනතුරුව 23-21ක් ලෙස ජය ගැනීමත් සමඟ ත්‍රිත්වයට ශූරතාව තහවුරු විය.

තරගය ආරම්භයේදී ලකුණු සටහනේ දෙවැනි තැන සිටින වෙස්ලි පිල ලකුණු 7-5ක් ලෙස පළමු භාගයේදී පෙරමුණ ගැනීමට සමත් වුවත් දෙවැනි අර්ධයේදී සුපුරුදු ක්‍රීඩාවට පිවිසි ත්‍රිත්ව ක්‍රීඩ­කයෝ ලකුණු 18ක් රැස් කර ගනිද්දී වෙස්ලි පිලට හැකි වූයේ ලකුණු 14ක් පමණි. ලකුණු 23-21ක් ලෙස නිමා වූයේ තවත් තර­ගයක් ඉතිරිව තිබියදීම ත්‍රිත්වය ශූරයන් කරමිනි.

තරගය පුරා ත්‍රිත්ව විදු­හල ගෝලයක්, උත්සා­හක දිනුම් දෙකක්, දඬුවම් පහරක් සහ ඩ්‍රොප් ගෝල­යක් වාර්තා කළ අතර, වෙස්ලි පිල රැස් කළේ ගෝල තුනක් පමණි.


කිංස්වුඩ් විදුහල



වෙස්ලි විදුහල


 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.