Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පාසල් වේලාවෙන් බැහැර ක්‍රීඩා පුහුණුවීම සදහා ලංගම බස්වලින්  යාමට මගී ප්‍රවාහන ගමන් වාර ප්‍රවේශපත්‍රයක් (සීසන් එකක්) ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අම්බලන්ගොඩදී පැවසීය.

අම්බලන්ගොඩ පැවති උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවකදී රාජපක්ෂ මහතා එසේ කීවේය.

එහිදී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙසේද කීවේය.

"පාසල් ක්‍රීඩාව දියුණු කරන්න අපි පියවර රැසක්ම ගෙන තිබෙනවා. පාසල්වල ක්‍රීඩාව වෙනුවෙන් ක්‍රීඩා භාණ්ඩ ලබාදීම ඒ අතරින් ප්‍රධානයි. ඒ වගේම පාසල් ක්‍රීඩකයින්ට ක්‍රීඩා පුහුණුවීම් සදහා ලංගම බස් වලින් ඒමට වාර ප්‍රවේශ පත්‍රයක් ලබාදීමට කටයුතු කරනවා. ඒ සදහා ප්‍රවාහන අමාත්‍යතුමා සමගත් සාකච්ජා  කරලා ඉදිරි පියවර ගන්නවා.

පාසල් ක්‍රීඩාව දියුණු කිරීම අපේ වගකීමක්. ඒ නිසා ඒ වෙනුවෙන් ගත හැකි හැම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා. පාසල් ක්‍රිකට් ක්‍රීඩාව විතරක් නෙවෙයි හැම පාසල් ක්‍රීඩාවක්ම දියුණු කරන්න අපි කටයුතු කරනවා.

 සෑම පාසල් ක්‍රීඩයකුගේම විනය ඉතාම ඉහලින් තිබිය යුතුයි. විනයක් නැතිව පාසල් ක්‍රීඩාව ඉදිරියට ගෙන යන්න බැහැ යයි රාජපක්ෂ මහතා කීවේය.

කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.