Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කොදෙව් සීමිත පන්දුවාර ක්‍රිකට් නායක නිකලස් පූරාන් සිය නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර ඇත. ඒ මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේදී අන්තපරාජයක් හිමිකර ගනිමින් කොදෙව් කණ්ඩායම සුදුසුකම්ලැබීමේ වටයෙන්ම ඉවත්වීමෙන් අනතුරුවයි.

පූරාන් මෙම වසරේ මැයි මාසයේදී කොදෙව් කණ්ඩායමේ නිත්‍ය සීමිත පන්දුවාර ක්‍රිකට් නායකයා බවට පත්වූයේ කිරන් පොලාඩ් අන්තර්ජාතික ක්‍රිකට් දිවියට සමුදීමෙන් අනතුරුවය. නමුත් ඔහුගේ නායකත්වය යටතේ කොදෙව්වන්ට සාර්ථක වීමට නොහැකි විය.

පූරාන් මෙහෙයවූ එක්දින තරග 15 කදී කොදෙව්වන්ට ජයගැනීමට හැකි වූයේ තරග 4 ක් පමණක් වූ අතර විස්සයි විස්ස තරග 15 කදීද ඔවුන් ජය ගත්තේ තරග 4 ක් පමණි.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයට පැමිණිමේදී වඩාත් සාර්ථකම කණ්ඩායම ලෙසින් විරුදාවලිය ලත් කොදෙව්වන් පළමු වටයෙන්ම ඉවත්වීම බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුවූ අතර එහිදි කොදෙව්වන් අතිශය දුර්වල ක්‍රීඩා රටාවක් පෙන්නුම් කලේ ස්කොට්ලන්තය හා අයර්ලන්තයට පරාජයට පත් වෙමිනි.

එහිදී පූරාන්ගේ දක්ෂතාද ඉතා පහළ මට්ටමක ඇති අතර ඔහුගේ අවසන් විස්සයි විස්ස ඉනිම් 10 දී ඔහු රැස්කර ඇත්තේ ලකුණු 94 ක් පමණි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.