Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

එංගලන්තයේ ජැනට් බ්‍රිටින්, දකුණු අප්‍රිකාවේ ෂෝන් පොලොක් සහ ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සිය ශ්‍රේෂ්ඨතමයන්ගේ ලැයිස්තුව (ICC හෝල් ඔෆ් ෆේම්) වෙත එක් කර ඇත.

1979 සිට 1998 දක්වා කාලය තුළ එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 27කට සහ එක්දින තරග 63කට ක්‍රීඩා කළ බ්‍රිටින්, කාන්තා ක්‍රිකට් ක්‍රීඩා කළ විශිෂ්ටතම පිතිකාරිනියන් අතර වේ.  බ්‍රිටින් 2017 දී වයස අවුරුදු 58 දී පිළිකාවකින් මිය ගියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයෙකු වන මහේල ජයවර්ධන ටෙස්ට් තරඟ 149ක්, එක්දින තරඟ 448ක් සහ විස්සයි20 තරඟ 55කින් සමන්විත ජාත්‍යන්තර තරඟ 652කට ක්‍රීඩා කර ඇත. වැඩිම ජාත්‍යන්තර තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ක්‍රීඩකයන් අතරින් මහේල දෙවැනි වන්නේ ඔහුට වඩා තරග 12ක් ක්‍රිඩා කර ඇති ඇති ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර්ට පමණි.

නිර්දය ලෙස ලකුණු රැස් කළ දක්ෂ දකුණත් පිතිකරුවෙකු වන ජයවර්ධනගේ ටෙස්ට් තරඟ 149 ශ්‍රී ලාංකිකයෙකු විසින් ක්‍රීඩා කළ වැඩිම ටෙස්ට් තරග ප්‍රමාණය වෙයි.  එක්දින තරඟ 448කදී මහේල ලකුනු 12650ක් රැස්කර තිබේ.

මහේල  ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ 9 වැනි වැඩිම ලකුණු ලාභියා වන අතර ඔහුගේ නමට ලකුණු 11,814ක් ලියැවී තිබේ. මහේල ටෙස්ට් ශතක 34ක් රැස්කළ ඇති අතර ඔහු දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 374ක් රැස්කර ඇති අතර එය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ සිව්වන ඉහළම ලකුණු ප්‍රමාණය වෙයි. එම තරගයේදී ඔහු තම සමීප මිතුරෙකු වන කුමාර් සංගක්කාර සමඟ වාර්තාගත ලකුණු 624 ක සම්බන්ධතාවක් ඇති කළේය.

දෙවතාවක් ක්‍රිකට් ලෝක කුසලාන අනුශූරයෙකු වූ ජයවර්ධන 2011 අවසන් මහා තරගයේදී ලකුණු 103ක් ලබාගත්තේය. 2009 සහ 2012 T20 ලෝක කුසලාන තරඟාවලියේ දෙවන ස්ථානයට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමජිකයෙක්කො වූ මහේල අවසානයේදී  සිය කණ්ඩායම සමගින් 2014 දී සිය නම ඉදිිරියේ ලෝක කුසලානයක් සටහන් කර ගත්තේ එවර විස්සයි20 ලෝක කුසලානය ජයග්‍රහණය කරමිනි

.එම තරගයෙන් පසුව විස්සයි20 පිටියට සමුදුන් මහලේ 2015 වසරේ එක්දින ලෝක කුසාලනයෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත් විය.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.