රග්බි ලෝක කුසලානය ලංකාවට
- 2023-02-16 16:17:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රග්බි ලෝක කුසලානයේ ජයග්‍රාහකයන්ට පිරිනැමෙන වෙබ් එලිස් කුසලානය ලාංකිකයන්ට දැක ලබා ගැනීමට අවස්ථාව උදාවී තිබේ.ඒ අනුව සති අන්තයේදී කොළඹදී හා මහනුවරදී මෙම කුසලානය දැක ගැනීමට අවස්ථාව ලැබෙයි.
කුසලානය සෙනසුරාදා උදෑසන 11සිට පස්වරු 3 දක්වා ලොන්ග්ඩොං පෙදෙසේදී මහජන ප්‍රදර්ශනයට ගෙන එයි. ඉන් අනතුරු පස්වරු සිට රේස් කෝස් පිටියේදී මහජන ප්‍රදර්ශනය වෙනුවෙන් තබනු ඇත. ඉරිදා දිනයේදී කුසලානය CR & FC පිටියට ගෙන යාමට නියමිතය.
අනතුරුව කුසලානය මහනුවරට රැගෙන යන අතර එහිදී එය මහනුවර ක්‍රීඩා සමාජයේ නිවහන වන නිත්තවෙල ක්‍රීඩා සමාජයේ පෙබරවාරි 22 වැනිදා පෙරවරු 10 සිට ප්‍රදර්ශනය කෙරේ. රග්බි ලෝක කුසලානය 2023 වසරේ ප්‍රංශයේ පැවැත්වීමට නියමිතව තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments