ලංකාවේ ක්‍රීඩා වෛද්‍ය විශේෂඥවරයෙකුට ආසියාවේ ඉහළම සම්මානයක්
- 2022-10-08 11:28:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා වෛද්‍ය විශේෂඥවරයෙකු ලෙස සේවය කරන චතුරංග රණසිංහ මහතා ආසියානු ඔලිම්පික් කවුන්සිලය මගින් පිරිනමන ලද " ෂෙයික් ෆහාඩ් හිරෝෂිමා ආසියානු ක්‍රීඩා වෛද්‍ය විද්‍යා සම්මානය " දිනා ගැනීමෙන් අනතුරුව පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියේය.
රටවල් 45 කින් සමන්විත ආසියානු ඔලිම්පික් කවුන්සිලය ශ්‍රී ලාංකික ක්‍රීඩා වෛද්‍ය විශේෂඥවරයෙකුට මෙම සම්මානය පිරිනැමූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
වසර 04 කට වරක් ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මෙම සම්මානය පිරිනමන අතර 2022 වසරේ මෙම සම්මානය ඉකුත් 10/04 දින කාම්බෝජයේ පෙනොන් පෙන් නගරයේ දී පැවති උත්සවයකදී ශ්‍රී ලාංකික ක්‍රීඩා වෛද්‍ය විශේෂඥ චතුරංග රණසිංහ මහතාට පිරිනමා තිබුණි.
මේ සදහා ආසියාවේ ප්‍රබල රටවල් නියෝජනය කරමින් ක්‍රීඩා වෛද්‍ය විශේෂඥවරුන් 400 ක් පමණ ඉදිරිපත් වී සිටියහ. ක්‍රීඩා සහ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥවරයෙකු ලෙස සේවය කරන චතුරංග රණසිංහ ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙකි.
චතුරංග රණසිංහ මහතා ක්‍රීඩා වෛද්‍ය විද්‍යාවට කර ඇති සේවය ඒ පිළිබඳව සිදු කර ඇති පර්යේෂණ , ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කර ඇති නිර්දේශ සහ ක්‍රීඩා වෛද්‍ය විද්‍යාවට නව තාක්ෂණය හදුන්වා දීමට සිදු කර ඇති මෙහෙවර මෙන්ම සාමාන්‍ය ශ්‍රී ලාංකික ජනතාවට තම ලෙඩ රෝග නිවාරණය කර ගැනීම සදහා ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව යොදා ගැනීමට ව්‍යායාම සහ අනෙකුත් ක්‍රීඩා යොදා ගැනීමට යොමු කිරීම යන කාර්යයන් ඇගැයීමට ලක් කර මෙම සම්මානය පිරිනමා තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments