වනිඳු හා ඉනෝකා අයි.සී.සී. විස්සයි20 කණ්ඩායම්වලට නම්වෙයි
- 2023-01-24 10:41:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන (ICC) වසරේ පිරිමි සහ කාන්තා විස්සයි20 කණ්ඩායම් වලට ශ්‍රී ලංකා ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රිඩක වනිඳු හසරංග හා වමතින් දඟ පන්දු යවන ඉනෝකා රණවීර නම්ව තිබේ.
මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කළ එංගලනත් කණ්ඩායමේ නායක ජෝස් බට්ලර් අයි.සී.සි. විස්සයි20 කණ්ඩායමේ නායකත්වයට නම්කර තිබේ. තරගාවලියේ වීරයා වූ සෑම් කරන්ද කණ්ඩායමට නම්ව තිබේ.
අවසන් මහ තරගයට ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායමේ ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් සහ හරිස් රවුෆ් යන ක්‍රීඩකයින්ද ඉන්දීය කණ්ඩායමේ විරාත් කෝලි, සූර්යකුමාර් යාදව් සහ හර්දික් පාණ්ඩ්‍යා , නවසීලන්ත ක්‍රීඩක ග්ලෙන් ෆිල්ප්ස්, සිම්බාබ්වේ ක්‍රීඩක සිකන්දර් රාසා සහ අයර්ලන්තයේ ජොෂ් ලිට්ල් කණ්ඩායමට නම්ව තිබේ.
වසරේ කාන්තා කණ්ඩායමට ඔස්ට්‍රේලියාවේ බෙත් මූනි, ඈෂ් ගාඩ්නර්, තහිලා මැග්‍රාත් නම්ව ඇති අතර කාන්තා කණ්ඩායම් නායකත්වයට නවසීලන්තයේ සොෆී ඩිවයින් නම්ව තිබේ. මීට අමතරව ඉන්දියාවේ ස්මිත්‍රි මන්දනා, දීප්ති ශර්මා, රිචා ගෝෂ්, රේණුකා සිං, පාකිස්තානයේ නිඩා ඩාර් හා එංගලන්ත ක්‍රීඩකා සොෆී එක්ලෙස්ටන් නම්ව තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments