Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව වාර්තා කරන ලද ඉනිමක සහ ලකුණු 280 ක ජයග්‍රහණයෙන් අනතුරුව එම තරගයේදී කැපී පෙනෙන දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් ටෙස්ට් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරි ස්ථානවලට පැමිණීමට සමත්ව සිටියි.

ඒ අතරින් සමස්ථ තරගයේ කඩුලු 10 ක් බිඳ හෙළිමින් තරගයේ වීරයා සම්මානයට පාත්‍ර වූ ප්‍රභාත් ජයසූරිය පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 13 ක් ඉදිරියට පැමිණෙමින් එම සටහනේ 19 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි. මෙම තරගාවලිය ආරම්භයේදී ඔහු රැදී සිටියේ එම ශ්‍රේණිගත කිරීම්හි 32 වැනි ස්ථානයේය.

මෙම තරගයේදී කඩුලු 5 ක් දවා ගත් රමේෂ් මෙන්ඩිස්ද 35 වැනි ස්ථානයේ සිට 32 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි. ඔහු මෙම තරගයේදී සිය ටෙස්ට් තරග දිවියේ 50 වැනි කඩුල්ල බිඳ හෙළීමට සමත්විය. රමේෂ්ගේ එම දක්ෂතාවය සටහන් වූයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩුම තරග සංඛ්‍යාවකදී කඩුලු 50 ක් බිඳ හෙළා ඇති පන්දු යවන්නාගේ වාර්තාව සම කිරීමක් ලෙසිනි.

මීට පෙර එම වාර්තාවට තනිව හිමිකම් කීවේ ඩිල්රුවන් පෙරේරා වන නමුත්, ඩිල්රුවන් මෙන්ම තම 11 වැනි ටෙස්ට් තරගයේදී එම දක්ෂතාව දැක්වීමට සමත්වීමත් සමඟ එම වාර්තාවේ සම අයිතිකරුවකු බවට රමේෂ් මෙන්ඩිස් පත්විය.

ශ්‍රී ලංකා පිලේ නායක දිමුත් කරුණාරත්න පිතිකරුවන් අතර ශ්‍රේණිගත කිරීම්හි එක් ස්ථානයනක් ඉදිරියට පැමිණ සිටියි. තරගාවලිය ආරම්භයට පෙර දිමුත් එම සටහනේ 10 වැනි ස්ථානයේ රැදී සිටි දිමුත් එම තරගයේදී රැස් කරන ලද ලකුණු 179 ක ඉනිම හේතුවෙන් ඔහු 09 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි. 

දිමුත්ට අමතරව එම තරග‌යේ ශතක වාර්තා කිරීමට සමත් සෙසු පිතිකරුවන් වූ දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස් සහ සදීර සමරවික්‍රම ද ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්හි ඉදිරි ස්ථානවලට පැමිණිමට සමත්ව සිටිති. ඒ අතර නොදැවී ලකුණු 102 ක් ලබා ගත් දිනේෂ් චන්දිමාල් 18 වැනි ස්ථානයේ සිට 14 වැනි ස්ථානය දක්වාත්, ලකුණු 140 ක් ලද කුසල් මෙන්ඩිස් 51 වැනි ස්ථානයේ සිට 42 වැනි ස්ථානය දක්වාත් සහ සදීර සමරවික්‍රම නොදැවී රැස් කරන ලද ලකුණු 104 ත් සමග එම 81 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණිමට සමත්ව සිටිති.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.