සුන්දර උදෑසන
- 2020-08-14 11:05:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රාත්‍රිය ගෙවී උදාවන්නේ දහසක් පැතුම් ඉටුවන සුන්දර උදෑසනකටයි. විහඟුන්ගේ මිහිරි නාද මධ්‍යයේ පෙරදිග අහසින් ගුවන් ගැබට වඩින ගිනි බෝලයක් මෙන් වර්ණවත් වූ හිරැ දෙවියෝ සුන්දර උදය විචිත්‍රවත් කළහ.
රාත්‍රියේ දී විකසිත වූ සමන්, කඩුපුල්, සේපාලිකා වැනි මල් මුකුලිත වුවද රෝස, නෙලුම්, මානෙල්, ඉද්ද වැනි අති සුවඳවත් පුෂ්පයෝ විකසිත වෙති. හිමිදිරි යාමේදී වැටුණු පොද වැස්ස නිසා ගස් මතට සීතල තුෂාර වැටී ඇත. එම නිසා උදෑසනට නව ජීවයක් එක් කරයි.
සීතල නැවුම් සුළං හමන හිමිදිරි උදයේ කිරි කොකුන් මෙන් සුදු ඇඳුමින් සැරසුණු ළමෝ සිප්හල වෙත පිය මනිති. මෙවන් සිදුවීම් රුසක් නිසා ද උදෑසන සුන්දර වේ.
සදින්සා විදුදිනි
6 ශ්‍රේණිය,
බප/හො/ තක්ෂිලා මහා විද්‍යාලය,
හොරණ.
Reply To:
Name - Reply Comment
0 Comments