මගේ රට
- 2020-07-03 09:17:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හතරවටින් නිල් දියඹින් වටවූ මනස්කාන්ත සිත් ඇදගන්නාසුලු දිවයින ශ්‍රී ලංකාවයි. මහවැලි කැලණි කළු හා වලවේ යන ගංගා ඇද හැලෙන්නේ ශ්‍රියා කාන්තාවක් හැඳ සිටින සේද සළුවෙහි සාරිපොට සුළඟට එහා මෙහා යන්නාක් මෙනි. මඳ සුළඟ ඇඟ දැවටෙමින් සිතට ගතට නැවුම් සිසිලක් ලබා දෙමින් අප ප්‍රබෝධවත් කරන්නේ මෙම මාතෘ භූමිය සුරපුරක් බඳු යැයි හැඟවීමට ය. හග්ගල, පේරාදෙණිය වැනි මල් වතු මගේ රටට ගෙන දෙන්නේ අමුතුම ආනන්දයකි. වර්ණ දස දහසකින් යුත් මල් ඒ ඒ මල්වලට ආවේණික සුවඳ වර්ග මුසු කරමින් රටේ සුන්දරත්වය වැඩි දියුණු කිරීම පමණක් නොව මීමැසි සමනල යනාදි කෘමීන්ගේ කුස පුරවන්නට ද මහෝපකාරි වේ. පච්ච වර්ණයෙන් හෙබි තේ වතු රමණීය ආකල්පයක් පෙන්නුම් කරයි. දෙව්ලොව පරදන මගේ රටේ අලි කොටි, වලස් වැනි සතුන් මෙන් ම මුවන්ද, හාවුන්, මොනරැන්, සමනල්ලු වැනි අහිංසක සතුන් ද පරවියන් ගිරවන් වැනි පක්ෂින්ගෙන් විචිත්‍රවත් වන්නේ චිත්‍ර වර්ණ සංකලනය වන ආකාරය පෙන්වා දෙමිනි.
ඉන්දියන් සාගරයෙන් වටවූ මුතු ඇටයක් වන මගේ ශ්‍රී ලංකාව ගුණ නුවණින් පෝෂණය කිරිමට අදිටන් කර ගනිමු.
නවංගි මනීෂා තෙන්නකෝන්
7 ශ්‍රේණිය,
අ/තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලය,
තඹුත්තේගම.
Reply To:
Name - Reply Comment
0 Comments