වැඩිහිටි නිවාස පිටු දකිමු
- 2020-07-03 11:06:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වැඩිහිටියන් යනු අපට වඩා වයසින් වැඩි හා අත්දැකීම්වලින් පිරිපුන් අය වෙති. එහෙත් අද සමාජයේ වැඩිහිටියන් කෙරෙහි ලැබී ඇත්තේ ඉතා අඩු උනන්දුවකි. වර්තමානයේ වැඩිහිටියන්ට සැලකීම පසෙකට දමා වැඩිහිටියන් කෙරෙහි දක්වන උනන්දුවට වඩා වැඩි උනන්දුවකින් වැඩිහිටි නිවාස සොයා යාමට ජනතාව පෙලඹී ඇත්‍ද වන විට මේ හේතුවෙන් වැඩිහිටි නාවස ශිඝ්‍ර යෙන් වර්ධනය වෙමින් පවතී. නමුත් වැඩිහිටියන් සෙනෙහසේ උල්පත මිස වැඩිහිටි නිවාසයේ කොටස්කාරයකු නොවන බව අපි මතකයේ තබා ගත යුතු ය. අප මෙලොවට බිහි වූදා සිට ආදරයෙන් සෙනෙහසින් යුතුව රුකවරණය දෙමින් අනන්ත දුක්ගැහැට විඳිමින් සමාජයේ උසස් තත්වයකට ගෙන ඒමට ඔවුන් දරන වෑයම කියා නිම කළ නොහැකි ය. එහෙත් ඇතැම්හු එම වෑයම දූවිල්ලක් තරම්වත් නොසලකා වැඩිහිටි නිවාසයකට පමණක් ඔවුන්ගේ ජීවිත සීමා කිරීමට සිතති.
කොතරම් සම්පත් ඇති පුද්ගලයකු වුවත් ඔවුන් තම මාපියන්ට අත්කර ඇති ඉරණම මෙසේ නම් එයින් පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ මනුෂ්‍යත්වය ඇති පහළ මට්ටමයි. වැඩිහිටියන්ට සැලකීම යන මාතෘකාව අප අතරින් ගිලිහී යමින් පවතින සමාජයක මෙම තත්වයට සැබෑ වෙනසක්වත් කිරීමට අප උත්සාහ ගත යුතුය.
බුදුන් වහන්සේ පවා මවුපියන්ට උපස්ථාන කිරීම උතුම් මංගල කරැණු පහකින් වදාළහ. එහෙත් අද සමාජයට බුද්ධ වචනය පවා අමතක වී ඇත. ඉතින් අප අවදි වීමට කාලය එළැඹ ඇත. වැඩිහිටියන් ආදරයෙන් සෙනෙහසින් යුතුව රුකබලා ගත යුතුය. එසේම ආහාර බෙහෙත් ආදිය ලබාදෙමින් හොඳින් උපස්ථාන කළ යුතු ය. එවිට ඔවුන් මිය ගිය පසු හඬා වැලපෙමින් පසුතැවිලිවීමට අවශ්‍ය නොවනු ඇත. ඔවුන් සිටින තාක්කල් ඔවුන්ව ආදරයෙන් සෙනෙහසින් රුකබලා ගැනීම අපි නිවසින් ආරම්භ කළ යුතු වෙමු. හෙට දිනයේ මුළු සමාජයෙන් ම වැඩිහිටි නිවාස යන සංකල්පය පිටුදැකිය හැකිය.
සත්මි සඳනිමා
10 ශ්‍රේණිය,
ගා/අනුලාදේවි බාලිකා විද්‍යාලය, මාගාල්ල.
Reply To:
Name - Reply Comment
0 Comments