Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857
LATEST NEWS

වැඩ කිරීම

  • 2020-07-02 18:26:17
  • 0 Comments

    එක් කූඹි රුස්වීමක මහා සභා රුස්වීමක් විය. සාකච්ඡා කළ ප්‍රධාන මාතෘකාව වූයේ කූඹින් උදේ පටන් රූ වනතුරැ වෙහෙස වි වැඩ කළත් මිනිසුන් කූඹින් කරන කාර්යය අගය නොකිරීමයි. මේ පිළිබඳ නොයෙකුත් අදහස් පළ විය. ‘‘අපිත් උදේ ඉඳලා රූ වෙනකල් මී මැස්සන් වගේම මහන්සි වෙලා වැඩ කරනවා. ඒ වුණාට මිනිස්සු අපේ වැඩ කිරිම අගය කරන්නේ නැහැ. මී මැස්සනුත් අපි වගේම වැඩ කරනවා. මිනිසුන්ට පෙන්නේ මී මැස්සන් විතරයි‘‘ එක් වැඩිහිටි කූඹියෙක් කීවේය. රුස්වීම අවසානයේ කූඹි නියෝජිත පිරිසක් මී මැස්සන් හමු වීමට ගොස් මේ ගැන අසා බැලීමට තීරණය කළහ. 
    ‘‘ඔයාලා හිතනවද අපි කම්මැළියි කියලා‘‘කූඹින් මී මැස්සන් හමුවී ඇසුවේ කතා බහට මුල පිරීමටය. ‘‘අනේ අපි එහෙම හිතන්නේ නෑ. එහෙම කියන්නෙත් නෑ. ඔයගොල්ලොත් අපි වගේම මහන්සි වෙලා වැඩ කරනවා නොවැ‘‘ මී මැස්සෝ කීහ.
‘‘අපිත් ඒක තමා කියන්නේ. ඒ වුණාට මෙච්චර මහන්සි වන අපට අසාධාරණයක් වෙනවා. මේ මිනිස්සු ඔයාලගෙ වැඩ හරියට වර්ණනා කරනවා. අපි කරන දේ ගැන එක වචනයක්වත් කියන්නේනෑ‘‘ කූඹි කීහ. 
‘‘ඒකට හොඳ හේතුවක් තියෙනවා. ඔබලා මහන්සි වෙලා වැඩ කරන්නේ ඔබලා වෙනුවෙන් විතරයි. ඒත් අපි අපට වගේම අනුන්ටත් ප්‍රයෝජන වෙන්නයි වැඩ කරන්නේ‘‘ මි මැස්සෝ කීහ.

විස්මි නෙතාශා
6 හ්‍රේණිය,
බප/ජය/ කොට්ටාව ධර්මපාල 
මහා විද්‍යාලය,
කොට්ටාව.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.