සුන්දර ගම්මානයක්
- 2020-08-21 12:00:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සුදු සේලයකින් වැසි ගුවන්තලය සිඹින හිම කුමරියන් බඳු කඳු වැටිවලින් වට වූ ගම්මානය රමණීය දසුනකි. පෙනෙන තෙක් මානයේ ඈට දිස්වන හරිත පැහැයෙන් යුත් තුරැලතා ගම්මානයේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කරයි. තුරැ හිස් මත සිට නද දෙන සියොත් කැලගේ මිහිරි හඬ ගම්මානය සිසාරා රුව් නැගෙන්නේ ගම් පියසේ සුන්දරත්වය වැඩි කරමිනි. ගම්මානය කෙළවරින් අහස කරා නැගී සිටින ගොන්ගල පර්වත රාජයා ඈතට දිස්වන්නේ ගම ආරක්ෂා කිරීමට සිටින යෝධයකු ලෙසිනි. සුදු පෙණ කැට නංවමින් ගම මැදින් ගලා බසින ගංගා කොමළිය මුළු ගමටම ආඩම්බරයකි.
නෙත්මිණි සචින්තනා
5 ශ්‍රේණිය,
මාර/දෙනියාය මධ්‍ය මහා විද්‍යාලය,
දෙනියාය.
Reply To:
Name - Reply Comment
0 Comments