දීප ව්‍යාප්ත පාසල් පෝස්ටර් චිත්‍ර- විඩියෝ නිර්මාණ තරඟය - 2017

2024 අප්‍රේල් මස 25 පෙ.ව. 09:35 - {{hitsCtrl.values.hits}}  

2000

  • තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය 
  • වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
  • පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන්
  • අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය මත
  • වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව
  • විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් පවත්වනු ලබන

ජෛව පද්ධතියට පරිසරයට විශාල මෙහෙවරක් සිදු කරන  තෙත්බිම් ආරක්ෂා කිරීම හා සංරක්ෂණය කිරීම අපේ කාර්යයකි.    එබැවින් තෙත් බිම්වල වටිනාකම පිළිබඳව පාසල් සිසුන් මෙන්ම ප්‍රජාව දැනුම්වත් කිරීමේත් තෙත් බිම් සංරක්ෂණයෙහිලා සුබවාදී ආකල්ප වර්ධනය කිරීමේත් අරමුණින් දීප ව්‍යාප්ත පාසල් පෝස්ටර් චිත්‍ර තරගය සහ කෙටි වීඩියෝ නිර්මාණ තරගය පැවැත්වේ.

දීප ව්‍යාප්ත පාසල් පෝස්ටර් චිත්‍ර තරඟය - 2017

1. අයදුම්කරුවන්ගේ සහභාගිත්වය - පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පහත කාණ්ඩ යටතේ මෙයට සහභාගී විය හැකි ය.

  •  කණ්ඩායම් 01   -          3,  4,  5 ශ්‍රේණි
  •  කණ්ඩායම් 02   -          6,  7,  8 ශ්‍රේණි
  •  කණ්ඩායම් 03   -          9,  10,  11 ශ්‍රේණි

2. තේමාව -

ආපදා අවම කිරීම උදෙසා තෙත් බිම්” “Wetlands for Disaster Risk Reduction” යන ප්‍රධාන තේමාවට ගැළපෙන පරිදි මාතෘකාවක් තෝරා ගෙන පෝස්ටර් චිත්‍රය නිර්මාණය කළ යුතු ය.

3. පෝස්ටරයෙහි ප්‍රමාණය        -           අඟල් 18' x 14'

4. ජයග්‍රාහකයින් තේරීම හා ත්‍යාග පිරිනැමීම පහත වගුවේ සඳහන් පරිදිය‍

කණ්ඩායම්

1 වන ස්ථානය

2 වන ස්ථානය

3 වන ස්ථානය

කණ්ඩායම් 01   -   3,  4,  5 ශ්‍රේණි

20,000

15,000

10,000

කණ්ඩායම් 02   -   6,  7,  8 ශ්‍රේණි

25,000

20,000

15,000

කණ්ඩායම් 03   -    9,  10,  11 ශ්‍රේණි

30,000

25,000

20,000

මීට අමතරව සම්මාන සහතික 10ක් හා  කුසලතා සහතික 50ක් බැගින් පිරිනැමේ.

5.   තරග කොන්දේසි -

  1. නිර්මාණ ඉදිරිපත් කළ හැක්කේ  ශ්‍රී ලංකාවේ පාසල් සිසු සිසුවියන්ට පමණි.
  2. දිය සායම්, පැස්ටල්, පෝස්ටර් සායම්, තෙල් සායම්, ක්‍රෙයොන් (crayon),යන කුමන මාධ්‍යයක් වුවද භාවිත කළ හැකි ය. 
  3. සෑම අයදුම්කරැවකුම පහතින් දක්වා ඇති අයදුම්පත්‍රය නිසි පරිදි සම්පුර්ණ කර එය පෝස්ටරය පිටුපස  නොගැලවෙන සේ ඇලවිය යුතු ය.
  4. නිර්මාණ ස්වතන්ත්‍ර නිර්මාණයක් බවට විදුහල්පති/ නියෝජ්‍ය විදුහල්පති/ සහකාර විදුහල්පති/ අංශභාර ගුරැ මහතා විසින් අයදුම් පත්‍රයෙහි සහතික කර තිබිය යුතු ය. 
  5. එවනු ලබන නිර්මාණ ඇතුලත් ලිපිකවරයෙහි වම්පස ඉහළ කෙළවර “දීප ව්‍යාප්ත පාසල් පෝස්ටර් චිත්‍ර තරගය 2017” ලෙස හා කණ්ඩායම් අංකය සදහන් කර එවිය යුතු ය.
  6.  එක් අයදුම්කරැවකුට ඉදිරිපත් කළ හැක්කේ එක් නිර්මාණයක් පමණි.
  7. ඉදිරිපත් කරනු ලබන සියලුම නිර්මාණ අයදුම්කරැවන් විසින් නිර්මාණය කරන ලද ඒවා විය යුතු අතර එය මීට පෙර පවත් වන ලද කිසිදු තරගයකට ඉදිරිපත් කළ ඒවාද නොවිය යුතු ය.
  8. ඉදිරිපත් කරන ලද නිර්මාණ නැවත අයදුම්කරැවන් වෙත එවනු නොලැබේ.
  9. සංවිධායක මණ්ඩලය විසින් තෝරා ගන්නා ජයග්‍රාහී නිර්මාණ මාධ්‍ය හා ප්‍රචාරක සහ අධ්‍යාපන කටයුතු සඳහා යොදා ගැනීමට අයදුම්කරැ එකඟවිය යුතු ය.
  10. තරඟය සදහා ඉදිරිපත් කරනු ලබන නිර්මාණ නැතිවීම, හානි වීම හෝ ප්‍රමාද වීම පිළිබදව වග කියනු නොලැබේ.
  11. ඉහත තරග කොන්දේසි වලට පටහැනිව ක්‍රියාකිරීම, අසම්පුර්ණ අයදුම්පත් එවීම හෝ ප්‍රමාද වී අයදුම් කිරීම පෝස්ටර් ප්‍රතික්ෂේප කිරීමට හේතුවේ.
  12. විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වේ.

6.  නිර්මාණ ඉදිරිපත් කිරීම -

  1. පෝස්ටර් චිත්‍ර භාර ගනු ලබන අවසන් දිනය 2017.01.11 දින වේ.
  2. අයදුම්කරැවන් විසින් එවනු ලබන සියලු නිර්මාණ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, අංක 811/A, ජයන්තිපුර පාර, බත්තරමුල්ල යන ලිපිනයේ පිහිටි ප්‍රධාන කාර්යාලයට නියමිත දිනට හෝ ඊට ප්‍රථම ලැබෙන සේ තැපැල් මගින් එවීම හෝ ගෙනවිත් භාර දීම සිදු කල හැක. එසේ නොමැති නම් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු කලාප කාර්යාල වලටද ගෙනවිත් බාර දිය හැකිය.
  3. තරඟය පිළිබදව වැඩිමනත් තොරතුරු 
  4. www.dwc.gov.lk,    www.cea.lk,    www.wijeya.lk,   www.moe.gov.lk  යන වෙබ් අඩවිවලින් හෝ පහත දුරකථන අංකය මගින් ලබා ගත හැකිය .

  වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව : 011 – 2888585

අධ්‍යක්ෂ ජනරාල්,

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව,

අංක 811/A, ජයන්තිපුර පාර,

බත්තරමුල්ල.

--------------------------------------------------------------------------------------------------------

ආදර්ශ අයදුම්පත්‍රය

පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් පවත්වනු ලබන

දීප ව්‍යාප්ත පාසල් පෝස්ටර් චිත්‍ර තරඟය - 2017

  1. පෝස්ටර් චිත්‍රයෙහි තේමාව   :            ......................................................................................................
  2. i.       මුලකුරු සමග නම              :          ......................................................................................................
  3.  
  4. i.පෞද්ගලික ලිපිනය          :            ......................................................................................................
  5.  
  6. දුරකථන අංකය                :         ස්ථාවර - ................................  ජංගම -  ........................................
  7. ස්ත්‍රී/පුරුෂ භාවය                :            ......................................................................................................
  8. උපන් දිනය                      :         ............................................           වයස            ....................................
  9. ඉදිරියෙන් දැක්වෙන් කොටුවෙහි  √  සලකුණ යොදන්න)
  • කණ්ඩායම් 01    -           3, 4, 5 ශ්‍රේණි
  • කණ්ඩායම් 02    -           6, 7, 8 ශ්‍රේණි
  • කණ්ඩායම් 03    -           9, 10, 11 ශ්‍රේණි

 

8. i. පාසලේ නම හා ලිපිනය  :  .....................................................................................................

                                                .....................................................................................................

  1.  
  2.                              

9. ශ්‍රේණිය                            :      ....................................................................................................

 

මේ සමඟ ඇති නිර්මාණය මාගේ නිර්මාණයක් බවත් මෙහි සඳහන් සියලු තොරතුරු සත්‍ය හා නිවැරදි බවත් තරඟය සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සඳහන් කර ඇති සියලුම නීති රීති වලට එකඟ වෙමි.

 

දිනය     :           ....................................                අත්සන :            ...................................................

 

විදුහල්පති/  නියෝජ්‍ය විදුහල්පති/  සහකාර විදුහල්පති/  අංශ භාර ගේ නිර්දේශය

 

මේ සමඟ අමුණා ඇති පෝස්ටර් නිර්මාණය මෙම පාසලෙහි ........................................................... ශ්‍රේණියෙහි ඉගෙනුම ලබන ........................................................... ශිෂ්‍යයා/ශිෂ්‍යාවගේ ස්වාධීන නිර්මාණයක් බව මෙයින් සහතික කරමි.

 

නම                   :           ……………………………………………………………………

අත්සන              :           ……………………………………………………………………

දිනය                 :           ……………………………………………………………………

නිල මුද්‍රාව          :           ……………………………………………………………………

අයදුම්පත්‍රය බාගත කරගන්න

 ලෝක තෙත් බිම් දින පෝස්ටර් චිත්‍ර තරග අයදුම්පත්‍රය

ලෝක තෙත් බිම් දින වීඩියෝ තරග අයදුම්පත්‍රය

දින පොත