ජොනී ඩෙෆ් නඩුවෙන් දිනයි

2024 අප්‍රේල් මස 19 පෙ.ව. 09:50 - {{hitsCtrl.values.hits}}  

ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ නඩු විභාගයක් වූ හොලිවුඩ් තාරකා දෙකක් වන ඇම්බර් හර්ඩ් හා ජොනී ඩෙප් නඩුවෙන් වැඩි වාසි ජොනී ඩෙප් හිමිකරගෙන තිබේ.

ඇම්බර් හර්ඩ් විසින් තමන්ව අපකීර්තියට පත්කිරීම වෙනුවෙන් ඇය ගෘහස්ත හිංසනයට ලක්වූ බවට සඳහන් කරමින් පළකළ ලිපියකට අදාළව ජොනී ඩෙප් විසින් මෙම නඩුව ගොනු කළේය.

එය ජූරි සභාවක් ඉදිරියේ විභාගයට ගත් අතර නඩුව සජීවීව විකාශය කෙරිණි. එය ලොව පුරා බොහෝ දෙනෙක් උනන්දුවන් නැරඹීය. ර්ඩ් මහත්මියගේ චෝදනා ප්‍රතික්ෂේප කළ ජූරි සභිකයන් ජොනී ඩෙප්ට ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක වන්දියක් ගෙවන ලෙස නියෝග කළේය.

මේ අතරම හර්ඩ් ඉදිරිපත් කළ ප්‍රතිහිමිකම් තුනෙක් එකක් ඇය ජයග්‍රහණය කළ අතර ඒ අනුව ඇයට ඩොලර් මිලියන 2ක වන්දියක් හිමිවිය.

36 හැවිරිදි හර්ඩ්  58 හැවිරිදි ඩෙප් අතර පැවැති විවාහය 2017 වසරේදී අවසන් විය. සති හයකට වැඩි කාලයක්, වර්ජිනියාවේ ෆෙයාර්ෆැක්ස් හි උසාවියේදි මෙම නඩුව විභාගයට ගැණින.මෙහිදී ඔවුන් දෙදෙනාගේ පෞද්ගලික ජිවිතය පිළිබඳව තොරතුරු රාශියක් හෙළිදරව්විය. 

දින පොත