හෙලිකොප්ටර් දෙකක් ගුවනේදී ගැටෙයි

2024 මැයි මස 04 පෙ.ව. 09:08 - {{hitsCtrl.values.hits}}  

මැලේසියාවේ ලුමුට් නගරය ආසන්නයේ නාවික හමුදාවේ සැමරුම් උත්සවයක් සඳහා පෙරහුරුවීමක් අතරතුර හෙලිකොප්ටර්  දෙකක් එකිනෙක ගැටී අනතුරට පත්ව  10 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක් හෙලිකොප්ටරයක් ධාවන පථයකට කඩා වැටී ඇති අතර අනෙක ඒ අසල තිබූ පිහිනුම් තටාකයකට කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණි.

අනතුරට පත්වන අවස්ථාවේ හෙලිකොප්ටර් යානා දෙකෙහි කාර්යමණ්ඩල සාමාජිකයින් 10 දෙනෙකු පමණ සිට ඇති බව වාර්තා වෙයි.

දින පොත