ඉතාමත්ම දුර්ලභ කලු කොටියෙක් මන්දකට හසුවෙයි
- 2020-05-26 14:20:41
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී පාද රක්ෂිතයේ සැරිසැරු කළු කොටියෙකු අද (26දා) දින මන්දකට හසු වි ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වතුයායේ වාලමලෙයි කොටසේ වතු කොවිල අසළ එලවළු වගා භුමියක කිසියම් පිරිසක් විසින් වන සතුන් දඩයම් කිරිම සදහා අටවන ලද මන්දකට කළු කොටියා හසු වි ඇත.
අවුරුදු 8 ක් පමණ වයසැති දිගින් අඩි 6 ක් සහ උස අඩි 4 ක් පමණ යුක්ත මන්දට හසු වි ඇති කළු කොටියා හොදින් වැඩුණු කොටියෙකු බව වනජිවි නිලධාරින් කියා පැවසිය.
කොටියෙකු කැ ගසන ශබ්දය ඇසි වතු කම්කරුවන් එ පිළිබදව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින්ට දැනුම් දි ඇත.
වනජිවි නිර්වින්දන පශුවෛද්‍යවරයාගේ සහය ඇතිව මන්දට හසු වි සිටින කළු කොටියා මුදා ගැනිමට කටයුතු කර ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේ .
ජාන විකෘතියක් මත හැදුණු කළු කොටින් 1% ක් පමණ ශ්‍රි ලංකාවේ රක්ෂිත වල ජිවත් වන බවත් , ශ්‍රි පාද රක්ෂිතය ආශ්‍රිතව කළු කොටින් ඉතාමත් සුළු ප්‍රමාණයක් සිටින බවත් , මෙම සත්වයින් වදවිමේ තර්ජනයට ලක් වි ඇති ඉතා දුර්ලභ වර්ගයේ සත්වයෙක් බවත් ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවැසීය.
හැටන් රංජිත් රාජපක්ෂ
Reply To:
Name - Reply Comment
0 Comments