කෘගර් වනයෙන් එළියට පැමිණි සිංහයන්
- 2020-04-16 21:59:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝක ජනගහනයෙන් බහුතර මිනිසුන් ප්‍රමාණයක් මේ වන විට ගෙවල්වලට කොටුවී සිටිති. ඒ නව කොරෝනා වසංගත තත්ත්වය හමුවේය.මේ හේතුවෙන් තරමක් නිදහස ලැබූ කොට්ඨාසයක් ලෙස වන සතුන් හැඳින්විය හැකිය.
මිනිසුන් දක්නට නොමැති වීම හේතුවෙන් ඔවුන් දැන් තමන්ගේ සාමාන්‍ය දිවි පෙවත ගත කරමින් සිටින්නේය. මේද එවැනි අවස්ථාවකි. දකුණු අප්‍රිකවේ කෘගර් වනෝද්‍යානයේ තාර දැමූ මර්ගයක නිදහසේ සිංහ සෙයියාවෙන් සිටින සිංහයන්ගේ ඡායාරූප පෙළක් එම වනෝද්‍යානයේ සේවකයෙක් ලබාගෙන තිබේ.
එම ඡායාරූප පෙළ කෘගර් සත්වෝද්‍යානය තම ට්විටර් ගිණුම හරහා ප්‍රචාරය කිරීමෙන් පසුව ඒ සඳහා බොහෝ පිරිසකගේ අවධානය යොමුව තිබේ.
කෘගර් වනෝද්‍යානයේ බොහෝ විට සිංහයන් දක්නට ලැබෙන්නේ රාත්‍රී කාලයටයැයි පැවැසේ.ඒ එම වනෝද්‍යානය දකුණු අප්‍රිකාවේ වඩාත් ජනප්‍රියම සංචාරක කලාපයක් බවට පත්ව තිබීම හේතුවෙන් නිරතුරුවම සංචාරකයන් වාහන භාවිත කරමින් එහි ගමන් ගන්නා හෙයිනි.
මෙම සිංහයන් පිරිස කෘගර් වනෝද්‍යානයේ සංචාරකයන්ගේ ඇස නොගැටෙන කලාපයක ජීවත්වන බවත් ඔවුන්ව සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන බවත් කෘගර් වනෝද්‍යානය සඳහන් කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments