තල්මස්හාමිනේලා වෙනුවෙන් ගී ගයන තල්මස් මහත්තුරු
- 2020-01-06 15:50:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සමුද්‍ර ජීවි විද්‍යාඥයින් පිරිසක් ප්‍රථම වතාවට ලෝකයේ වෙසෙන ඉතා දුර්ලභ රයිට් තල්මසකු නිකුත් කළ ගීයක ආකාරය ගන්නා ශබ්ද රටා පටිගත කර තිබේ.
උතුරු පැසිෆික් සාගරයේ වෙසෙන තල්මසකු මේ සඳහා යොදාගෙන ඇත. පර්යේෂකයෝ අවුරුදු 8ක් තුළ ඇලස්කාවේ \ කළ ගවේෂණවලට අනුව තල්මසුන්ගේ රිද්මයානුකූළ ධ්වනි අනුව, එකිනෙකට වෙනස් හා විශේෂ ගීත 4ක් හඳුනාගෙන ඇත.
ඔවුහු දිගුකාලීනව දත්ත පරීක්ෂා කර, පටිගත කරන ලද ශබ්ද රටා පරීක්ෂා කළද, වසර 7ක් තිස්සේ එම ශබ්ද ඔවුන් අපේක්ෂා කරන රයිට් තල්මස් වර්ගයේම දැයි සොයමින් සිටියහ. 2017දී එය තහවුරු විය. එය පිරිමි තල්මසකු නිකුත් කරන ගීයක ආකාරයක් ගන්නා ධ්වනි බව ඔවුන් තහවුරු කර ඇත. එකම ආකාරයේ රටාවක් ගන්නා රිද්මයානුකූල ශබ්ද මාලාවක් නොනැවතී ඉදිරිපත් වී තිබීමෙන් එය ගීයක් බව ඔවුන් වටහාගෙන ඇත.
රයිට් තල්මසුන්ට විවිධ ප්‍රභේද ආකාර ගන්නා ශබ්ද රටා පවතී. අතිශය වැදගත් ඇමතුමකදී ඔවුන්ගේ ශබ්ද වෙඩිල්ලක හඬ ගනී. කෙඳිරිගෑම්, කෑගැසීම් ආදී විවිධ අවස්ථාවලදී තල්මසුන්ගේ ශබ්ද රටා විවිධ වේ. මෙලෙස තල්මසුන් ගී ගයන්නේ, ගැහැනු තල්මසකු ආකර්ෂණය කරගන්නට විය හැකි බව ඔවුහු පවසති.
"රයිට් ආකාරයේ තල්මසුන් ලෝකයටම සිටින්නේ 30දෙනෙකු පමණයි. ඉතිං තල්මසුන් තමන්ට තල්මස් හාමිනේ කෙනෙක් හොයාගන්න ගී කියනවා වෙන්න පුලුවන්" යැයි පර්යේෂකයෝ කියති.
ඩිල්ෂානි චතුරිකා දාබරේ
[caption id="attachment_51108" align="alignnone" width="750"]
North Pacific right whale[/caption]
Reply To:
Name - Reply Comment
0 Comments