තෙත් බිම් සැමරුම් දින උළෙල සදුදා - තෙත්බිම් වෙනුවෙන් මුද්දර 10 කුත් නිකුත් කෙරේ
- 2020-02-01 19:37:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විජය ළමා පුවත්පතේ මාධ්‍ය සහයෝගයෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙහෙයවනු ලැබූ ‘ජෛව විවිධත්වයෙන් සපිරුණු තෙත් බිම‘ මෙවර තේමාවයි. මෙම උත්සවයේ දී දීප ව්‍යාප්ත තෙත්බිම් සිතුවම් තරඟාවලියේ ජයග‍්‍රාහකයින්ට ත්‍යාග සහ සහතික ප‍්‍රදානය තෙත්බිම් පාරිසරික කඳවුරේ විවිධ ඉසව් වලින්ජයගත් ජයග‍්‍රාහකින්ට ත්‍යාග සහ සහතික ප‍්‍රදානය මෙන්ම සොබාකෙත නවතම කලාපය හා තෙත් බිම් ශ්‍රී ලංකා සඟරාව එළි දැක්වීම ද මෙම උත්සවයේ දී සිදු කෙරෙනු ඇති අතර මල් කඩොල් - Bruguiera gymnorhiza , ගිංපොල් - Nypa fruticans, මල් කඩොල් - Bruguiera sexangula, මල් කඩොල් - Bruguiera cylindrica, මුට්ටිකඩොල් - Xylocarpus granatum, හීන් කඩොල් - Aegiceras corniculatum, යක් කිරල - Sonneratia alba, කළු කඩොල් - Scyphiphora hydrophyllacea, ලෝකයේ කිසිදු ස්ථානයක වාර්තා නොවන ස්ථානීය ආවේනික (point endemic) සුවඳ සහ හොරවැල් යන ශාක විශේෂ දෙක (හොරවැල්- Stemanoporus moonii සහ සුවඳ - Mesua stylosa,) ඇතුළුව මුද්දර 10යද තැපැල් දෙපාර්තමේන්තුව විසින් එදින නිකුත් ලැබේ.
1971 පෙබරවාරි 2 වැනිදා ලෝක තෙත්බිම් සම්මුතිය අස්සන් කරන ලද්දේ ඉරානයේ රැම්සා නුවරදීය. මේ වනවිට තෙත්බිම් සංරක්ෂණයට උනන්දු වන රටවල් 171 ක් රැම්සා තෙත්බිම් සම්මුතියට අස්සන් තබා තිබේ.
ජාතික පාරිසරික පනත යටතේ මේ වනවිටත් නුවරඑලිය ග්‍රෙගරිවැව, මුතුරාවෙල, තලංගම වැව, වලව්වවත්ත වතුරාන, බොල්ගොඩ වැව යන තෙත් බිම් මේ වනවිටත් ආරක්ෂිත ප‍්‍රදේශ ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති අතර ඉදිරියේ දී තවත් තෙත්බිම් ගණනාවක් සංරක්ෂණය කිරීමට නියමිතය.
මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සෑම වසරකම තෙත්බිම් සැමරුම් උළෙල විජය ළමා පුවත්පතේ මාධ්‍ය සහයෝගයෙන් සංවිධානය කරනු ලබයි.
Reply To:
Name - Reply Comment
0 Comments