Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දිවයිනේ සෑම පාසලකම දුර්ලභ පලතුරු ඇතුළත් උද්‍යානයක් බැගින් ස්ථාපිත කිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 

“අපේ දරුවෝ බොහෝ දෙනෙක් වර්තමානයේ අපේ රටට ආවේණික පලතුරු පිළිබඳව නිසි අවබෝධයක් නැහැ. කරඹ, එරමිණියා, හිඹුටු, වීර, පළු, කළුකැටබේරිය, කෝන්, වැනි ගුණාත්මක බැවින් පිරුණු පලතුරු රැසක් අපේ පරිසරයේ ඉබේ හැදුණත් වර්තමානයේ දරුවෝ ඒවා ගැන නිසි අවබෝධයක් නැහැ.අපේ දරුවන් වගේම වැඩිහිටියොත් පුරුදු වී සිටින්නේ පිටරටින් මෙරටට ගෙන එන මිදි,දොඩම් සහ ඇපල් වැනි පලතුරු අනුභව කිරීමටයි. අපිට පහසුවෙන් අපේ රටේම වගාකර ගත හැකි ගුණයෙන් සපිරි පලතුරු වර්ග ගණනාවක් අපේ සංස්කෘතිය තුළ තිබෙනවා. නමුත් එම පලතුරු වගා කිරීමට හෝ ව්‍යාප්ත කරලීමට මෙතෙක් පැවති කිසිදු රජයක් විධිමත් පියවර නොගත් නිසා, අද ඒවා අපෙන් ඈත්වෙමින් තිබෙනවා. එම නිසා නැවතත් අපිට ආවේණික පලතුරු විශේෂ යළිත් ව්‍යාප්ත කිරීමේ වැඩසටහනක් අපි ආරම්භ කරනවා.”

“වවුලන් කා දැමු කොස් මදුළුවලින් බිම වැටෙන ඇට පැළවෙන රටේ, අහකදාන දණ්ඩක් වුණත් දළු දාලා පැළවෙන මේ රටේ අද අපිට පරිභෝජනයට අවශ්‍ය දේවල් පිටරටින් ගෙන්වන්න පුරුදු වෙලා. ඒකේ ප්‍රතිඵලය තමයි. රුපියල බාල්දු වී ඩොලරය ඉහළ යාම. ඒකට මේ කාටවත් දොස් කියලා ඵලක් නෑ.අපිට අවශ්‍ය දේ අපිම නිපදවා නොගතහොත් මේ තත්ත්වය තවත් බැරෑරුම් වෙන්න පුළුවන්. අද ජාත්‍යන්තර ළමා දිනය මෙන්ම වැඩිහිටි දිනය ද සමරණ දවසයි. අපේ රටට අවශ්‍ය දේවල් අපිම නිපදවා ගන්නා ජාතියක් බවට පත්වීමට නම්, මේ රටේ පාසල් පද්ධතිය තුළ සිටින ලක්ෂ 42ක් පමණ වන සිසු දරුවන් දේශීය නිෂ්පාදන ඉහළ නැංවීම පිළිබඳ හොඳින් දැනුම්වත් කළ යුතුයි. ඒ නිසා අපේ පාසල් දරුවන් තුළින් වෛද්‍යවරු, ඉංජිනේරුවරු, තොරතුරු තාක්ෂණය පිළිබඳ විශේෂඥවරු මෙන්ම හොඳ කෘෂි ව්‍යවසායකයින් පිරිසක් බිහිවනු දැකීම අපේ අරමුණයි. ඒ වගේම මේ අතර හොඳ ගොවි පිරිසකුත් බිහිකර ගත යුතුයි. එම නිසා ජාත්‍යන්තර ළමා දිනයේ දී මේ සම්බන්ධව අපේ ගුරුවරු මෙන්ම මවිපියෝද දැඩි ලෙස අවධානය යොමු කරනු ඇතැයි මම අපේක්ෂා කරනවා.” යැයිද අමාත්‍යවරයා පැවසීය.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.